ගෙදර ඉන්න කොවිඩ් රෝගීන්ට විසිහතර පැයේ උදව්වට වෛද්‍ය සංගමය එයි

කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් නිවාසවල ගත කරන කාලය තුළ ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මෙරට ප්‍රමුඛතම වෛද්‍ය සංගමය වන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය පැය 24 පුරාම ක්‍රියාත්මක වන දුරකථන ඇමතුම් සේවාවක් ආරම්භ කර ඇත. ඕනෑම ජංගම දුරකථනයකින් 247ත් ස්ථාවර දුරකථනයකින් 1247ත් යන අංක ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත් හැකි වන අතර වෛද්‍යවරුන් 200කට අධික ප්‍රමාණයක් මේ සඳහා සිංහල දෙමළ ඉංග්‍රිසි භාෂා තුනෙන්ම ආදළ වෛද්‍ය මගපෙන්වීම් ලබා දීමට සූදානමින් සිටින බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියට අනුව මෙරට ක්‍රියාත්මක වන සෑම ජංගම දුරකථන ජාලයක්ම මේ සඳහා සහභාගී වන අතර ලැබෙන සෑම ඇමතුමකටම පිළිතුරු ලබා දිම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම්ද පරිපූර්ණ කරගෙන මේ වනවිටත් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බවන බව සඳහන් කළාය. මේ පිළිබඳව වැඩිදුරටක් අදහස් දක්වමින් මෙම ව්‍යාපෘතිය භාර විශේෂඥ වෛද්‍ය රුමිස් හනීෆා සඳහන් කළේ 247 සහ 1247 අංකවලට ඇමතුමක් ලබා දීමෙන් තමන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන්ට සේම ඔවුන්ගේ පවුල්වල සමීපතයන්ට ඊට ආදළ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙම සේවාවේ පවතින විශේෂ වැදගත් කම වන්නේ කොවිඩ් ආසාදිත සුළු රෝග ලක්ෂණ පවතින පුද්ගලයන්ට එක් වරම හදිසියේ රෝගය උත්සන්න වීම . මේ තත්ත්ව වළක්වා ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාම වැදගත්. අනෙක් මෙලෙස වෛද්‍යවරුන්ගෙන් ආදළ රෝගත ත්ත්වය පිළිබඳව විස්තර විමසීමෙන් අදාළ රෝගියා රෝහලකට යැවිය යුතුද නැතිද යන්න පිළිබඳව නිර්ණය කර ගත හැකියි. එසේ යැවිය යුතු නම් ඒ සඳහා 1990 ගිලන් රථ සේවය සම්බන්ධ කිරීමත් එමගින් සිදු කෙරෙනවා. “ යයි සඳහන් කළේය.


Exit mobile version