කොවිඩ් සිරුරු වළ දැමීම සඳහා සුදුසු භූමි දෙක්ක තෝරා ගැනේ…

භූගත ජලය ගැඹුරින්ම පිහිටා ඇති ස්ථාන දෙක විශේෂඥ සහායෙන් තෝරාගෙන අගමැතිට සෞඛ්‍ය ඇමතිට දුන්නා..

කොවිඩ් 19 වෛරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සඳහා භූගත ජලය ගැඹුරින්ම පිහිටි ස්ථාන දෙකක් ගැන සොයා බලන්නට අගමැතිවරයා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස තමාට පැවරූ බවත් ඒ අනුව මේ වනවට එවැනි භූමි දෙකක් භූගත ජලය පිළිබඳ විශේෂඥ වෘත්තිකයන් පිරිසක් විසින් හඳුනාගෙන තමන් වෙත වාර්තා කර ඇති බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ජලසම්පාදන ඇමතිවරයාට අගමැතිවරයා විසින් මෙම වගකීම පවරා ඇත්තේ කොවිඞ් 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුතු ආකාරය  පිළිබඳව මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම මත අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති රැස්වීමක දීය.

විශේඥවරුන් හඳුනාගෙන ඇති  එම ස්ථාන 2 දෙක වූයේ මන්නාරම මරිච්චිකඩ්ඩි ප්‍රදේශය සහ නැගෙනහිර එරගමය. මෙම ස්ථානයන්හි භූගත ජලය අඩි තිහක ගැඹුරකින් වත් පිහිටා නැතැයි එම වාර්තා මගින් තහවුරු කළ බව පවසන ඇමතිවරයා එම  භූ විද්‍යා විශේෂඥ වාර්තාව    අග්‍රාමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරියට භාර දුන් බව කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට රටේ උද්ගතව ඇති covid මරණ සම්බන්ධ අවසන් කටයුතු කිරීම පිළිබඳ ගැටලුවට මෙම විශේෂඥ වාර්තාව ද උපයෝගී කර ගන්නා ලෙස  මේ සම්බන්ධයෙන් පත් කර ඇති සෞඛ්‍ය විශේෂඥ කමිටුවෙන් තමන් ඉල්ලා සිටින බව   අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් පවසයි.

Exit mobile version