කොවිඩ් සිරුරු භූමදාන කපුකම ඉම්රාන්ගෙන් –

තීරණය ලද විගස ටිව්ටර් පනිවිඩයකින් ප්‍රශංසා

කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබා දීමේ තීරණය පසුපස පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රබල සාධකයක් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා වෙත ද අවධාරණය කර ඇති අතර එහි දී ජනාධිතිවරයා මෙන්ම අගමැතිවරයා ද ඔහුට මෙම තීරණය ළඟදීම ක්‍රියාත්මක වන බවට සහතිකයක් ලබා දි ඇත. විශේෂයෙන් ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලබන සතියේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය හමුවේ ඉදිරිපත් විමට නියමිත ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවලියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉස්ලාමීය රටවල් පෙලඹවීමේ නියෝජිතයකු ලෙස කටයුතු කරනු ඇති අතර එම සහය ලබා ගැනීමට නම් මුස්ලිම් සිරුරු ආදාහනය වෙනුවට භූමදානය කිරීමට ඉඩ ලබා දීම පිළිබඳව සලකා බැලීම වැදගත් බවට පකිස්තාන අගමැතිවරයා විසින් රජයේ අදාල පාර්ශ්ව වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ශ්‍රි ලංකාවට පැමිණීමට පෙර සිටම රාජ්‍ය තාන්ත්‍රික අංශ මෙන්ම ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ දේශපාලන අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් ව සිට ඇති අතර පකිස්තාන අගමැතිවරයා මේ පිළිබඳ ව ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාටද පවසා ඇත. එහිදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉම්රාන් ඛාන් අගමැතිවරයා වෙත සිරුරු භූමදානය කිරීමට තමන් විරෝධයක් නොදක්වන බවත් එය සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුව විසින් ගන්නා ලද තීරණයක් බව සඳහන් කළද එම රෙගුලාසිය නුදුරේදීම ඉවත් වනු ඇති බවට තමන් වෙත දැන්වූ බවත් ඉම්රාන් ඛාන් මෙරට මුස්ලිම් දේශපාලකයන් පිරිසක් හමුවේ පවසා ඇත.


ඒ අනුව ඉම්රාන් ශ්‍රි ලංකාවෙන් පිටව ගොස් දිනයක් ගත වෙද්දී මෙම සිරු භුමදානයට ඉඩ දෙන ගැසට් නිවේදනය නිකුත් කරන ලද අතර මෙම තීරණය පසසමින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා ටිව්ටර් පනිවිඩයක්ද නිකුත් කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉම්රාන් ඛාන් ඉදිරි මානව හිමිකම් යෝජනාවලියේදී මැදපෙරදිග රටවල් ශ්‍රි ලංකාවට සහය ලබා දීම සම්බන්ධයෙන් එකඟ කරවා ගැනීම කෙරහි අවධානය ට ලක්ව ඇති බව මෙම අරංචි මාර්ග පවසයි. පාකිස්තාන අගමැතිවරයාගේ මෙම මෙහෙයුම පසුපස ද ශ්‍රී ලංකාවට හිතවත් තවත් ප්‍රබල රජ්‍යයක් ක්‍රියා තරන බවද මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කරයි.

Exit mobile version