කොවිඩ් සටනට උර දුන්  පී.එච්.අයි මහත්වරුන්ට බයික් තෑග්ගක්..

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්දන සටනේ දී විශාල කැප කිරීමක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි පිරිනැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව දිවයින පුරා විසිර සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 800ක් වෙනුවෙන් පළමු අදියරේ දී මෙම යතුරු පැදි ලබා දීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා එම අමාත්‍යංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත වනු ඇත.සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම විශේෂ ව්‍යාපෘතිය වෙත ලබා දී ඇති උපදෙස්වලට අනුව ලබන අගෝස්තු මස 30 වැනිදාට පෙර මෙම යතුරු පැදි ලබා දීමට කටයුතු කරන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කරයි.

Exit mobile version