කොවිඩ්   විදෙස්ගත ලාංකිකයන් 30832කට රැකියා නැති කළා – කම්කරු ඇමති

කීර්ති ප්‍රනාන්දු –

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30832කට  කොවිඩ් 19 අර්බුදය නිසා රැකියා අහිමි වී ඇතැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

එසේම විදේශ රටවල සිටි ශ්‍රමිකයින් 50403 දෙනෙක් කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි ද ඔහු කියයි.

තවද විදේශගත ශ්‍රමිකයන් 4430ක් එ ඒ රටවල දී  කොවිඩ් ආසාදනය වී ඇති බවත් එයින් 4071ක් සුවය ලබා ඇති බවත් ඔහු පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව ශ්‍රමිකයන් 122ක් කොවිඩ් 19 වැළඳීමෙන් ඒ ඒ රටවලදී මිය ගොස් ඇතැයි ද ඇමතිවරයා කියයි.

Exit mobile version