කොවිඩ් වැළඳුණු දෙහිවල සිංහයා තෝර්ට නිවුමෝනියාව…

THOR-LION-DEHIWALA

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙහිවල සත්ත්වෝද්‍යානයේ තෝර් සිංහයාගේ පනහලු බැක්රීයා ආසාදනයකට ලක්ව නිවුමෝනායා තත්වයක් ඇති වී තිබෙන බව රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර සඳහන් කරයි.

මීට පෙර කොරෝනා වයිරසය ආසාදන වූ තෝර් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව සුවය ලැබූ නමුත් කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් පෙනහලු දුර්වල තත්ත්වයකට පත්වෙන අතර එවන් අවස්ථාවකදී පෙනහලු කරා බැක්ටීරියා අසාදනය වීමේ වැඩි ඉඩකඩක් තිබෙන බව මහාචාර්යවරයා පෙන්වාදේ.

මෙසේ බැක්ටීරියා ආසාදනය වීමෙන් නියුමෝනියා තත්ත්වයන් ඇතිවිම වැලැක්විය නොහැකි බවත් මෙය සතුන්ට මෙන්ම මිනිසුන්ටද පොදු වූවක් යැයි මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා සදහන් කරයි.

මේ වන විට තෝර්ට සත්ත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර ඇතැයිද පැවසේ.

කෙසේ නමුත් කොවිඩ් වයිරසය ආසාදනය වූ තෝර් ගේ සිංහ දෙනුවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇතැයි මහාචාර්යවරයා පැවසිය‍

Exit mobile version