කොවිඩ් රෝගීන් 40%කින් අඩුයි.. කොවිඩ් වාට්ටු සමාන්‍ය රෝගීන්ට…

රෝහල්ගත ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමත් සමග කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ගත් වාට්ටු නැවත සාමාන්‍ය‌ රෝගීන් සදහා ලබා දීමට කටයුතු කර ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් රෝග පාලන  සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් අම්දානි  සඳහන් කරයි.

රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 40න් අඩුවී ඇතැයි ද ඔහු පෙන්වාදේ. 

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා මධ්‍යස්ථාන 278ක් තුළ ඇදන්   38960  වෙන්කර තිබූ අතර  මින් රෝගීන් ඇත්තේ 42ක යැයිද  තෘතීක සේවා මධ්‍යස්ථාන 9ක රෝගීන් ඇත්තේ සියයට 45ක් පමණක් යැයි   ද වෛද්‍ය අම්දානි  පෙන්වාදේ. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 63ම පවතින   ඇදවන්වලින් රෝගීන් ඇත්තේ  සියයට 35ක් පමණක් යැයි ද සඳහන්වේ. 


පසුගිය සතියට වඩා මේ සතියේ රෝගීන් සංඛ්‍යාව 5500 අඩුවක් ඇති අතර  පසුගිය සතියේ  ඇති වූ මරණ සංඛ්‍යාව 1056  වුවද එය මේ සතියේදී 829 දක්වා අඩුවී ඇතැයිද  ඒ අනුව සියයට 40කින් පමණ මරණ සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරන බවද අම්දානි මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 කෙසේ නමුත්  ඔක්සිජන්මත යැපෙන රෝගීන් 1050ක් පමණ පසුගිය දිනවලදී වාර්තා වුවද    ඊයේ රාත්‍රියේදී  එම සංඛ්‍යාව 464 දක්වා අඩුවී ඇතැයි  ඔහු පෙන්වාද‍ේ . .

Exit mobile version