“කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉඩදෙන්න”

ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ඉල්ලයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන ජනතාවගේ මළ සිරුරු යම් කොන්දේසිවලට යටත්ව භූමදානය සඳහා ඉඩ දිය යුතු බව ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරයි.

ඒ ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගිනි.

භූමදාන ක්‍රමයේදී පවතින ඵලදායිතාව මැන ගැනීම සඳහා මුල් අවස්ථාවේ දී කිසියම් පරීක්ෂණයක් සිදුකර බලන ලෙස ද එම ලිපිය මගින් පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා වෛරස විශේෂඥයන්, ආගමික නායකයින් ඇඇතුළු අදාළ සියලු පාර්ශ්ව හදිසි රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන ලෙසත් එමගින් ඉල්ලා තිබේ.

Exit mobile version