“කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීමේ බලහත්කාරය නවතා දමන්න” – ජගත් සංවිධානය

මියගිය COVID-19 ආසාදිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් මණ්ඩලයක් විසින් ශ්‍රී ලංකා රජයෙන් ඊයේ (25) ඉල්ලා තිබේ.

එය රටේ මුස්ලිම්වරුන්ගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ විශ්වාසයන්ට පටහැනි බවත්, පවත්නා අගතීන්, නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු පෙන්වා දෙති.

COVID-19 ආසාදිත බවට තහවුරු කරන ලද හෝ සැක කරන ලද සිරුරු හැසිරවීමේ එකම විකල්පය ආදාහනය කිරීම යන්න මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව එහි දැක්වේ.


මළ සිරුරු භූමදාන කිරීම COVID-19 වැනි බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩි කිරීමට හේතු වන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය හෝ විද්‍යාත්මක සාක්ෂි තහවුරු වී නොමැත.

2021 ජනවාරි 21 වන විට ශ්‍රී ලංකාවේ COVID-19 ආශ්‍රිත මරණ 274 ක් වාර්තා වී ඇති අතර සැලකිය යුතු සංඛ්‍යාවක් මුස්ලිම් සුළු ජාතීන්ට අයත් වේ.

2020 මාර්තු 31 දින නිකුත් කරන ලද COVID-19 ඇති බවට සැක සහිත සහ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳ තාවකාලික සායනික පුහුණු මාර්ගෝපදේශවල සිව්වන සංශෝධනයට අනුව සියලුම සිරුරු ආදාහනය අනිවාර්ය කිරීමට ගත් තීරණය, භූමියේ පානීය ජලය අපවිත්‍ර කළ හැකි යැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයන් ඇතුළු විශේෂඥයින්ගෙන් උපදෙස් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, ආදාහනය කිරීමෙන් රෝගය පැතිරීම වළක්වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජයේ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තියට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවද ඔවුහු දැඩි ලෙස අවධාරණය කරති.

“මළ සිරුරු භූමදානය කිරීමෙන් කෝවිඩ්- 19 වැනි බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩිවන බවට කිසිදු වෛද්‍යමය හෝ විද්‍යාත්මක හෝ සාක්ෂි ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් රටවලින් හෝ ලැබී නැත.”

වසංගතය නිසා බරපතල අභියෝග වලට මුහුණ දීමට සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා බව නිවේදනයේ සඳහන් වෙයි.

එසේවෙතත්, එහිදී ගනු ලබන පියවර මළගියවුන්ට, ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායට සහ ඥාතීන්ට ගෞරවයක් වන පරිද්දෙන් සිදුකළ යුතු බව විශේෂඥ මණ්ඩලය අවධාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය විසින්ද පිළිගන්නා ලද එක් දේශීය විද්වත් මණ්ඩලයක් භුමදානය අනුමත කරමින් ලබා දුන් නිර්දේශය නොතකා ආණ්ඩුව විසින් පත් කරන ලද වෙනත් මණ්ඩලයක් පිලිස්සීමම තහවුරු කරමින් දුන් නිර්දේශය පමණක් රජය විසින් පිළිගෙන තිබීම එක්සත් ජාතීන්ගේ අවධානයට ලක්වී ඇති බව ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

Exit mobile version