කොවිඩ් මරණ 08යි… ආසාදිතයින් 848යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 08ක් තහවුරු කළේය.  ඒ අනුව මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 313කි.

කොවිඩ් ආසාදිත මරණ බව අද තහවුරු කළ 08 දෙනාගෙන් හරි අඩක් කොළඹ නගරසභා බල සීමාවේ පදිංචිකරුවන්ය.  කොළඹ 10 ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ 93 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,  මිය ගිය අය අතර වෙති.

පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මඩුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් වාද්දූව ප්‍රදේශයේ  63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය අය අට දෙනාට අයත් වූහ.


එමෙන්ම අද දින තුළ කොවිඩ් ආසාදිතයන් 848 දෙනෙක් වාර්තා විය. ඉන් 04ක් බන්ධනාගාර කොවිඩ් පොකුරෙහිය.

මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59337කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ සියලුම වාර්තා පහත දැක්වේ.

Exit mobile version