කොවිඩ් මරණ ලෙස වාර්තාව වන්නේ කොවිඩ් නිවුමෝනියා මරණ පමණයි. හරියට ගැන්නොත් මරණ බොහෝ වැඩියි. ජී.එම්.ඕ.ඒ

Covid-Death

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මරණ ලෙස වාර්තා කරනුයේ නියුමෝනියා තත්ත්වයෙන් සිදුවන මරණ පමණක් යැයිද කොවිඩ් මරණ සියලුම දේ වාර්තා වන්නේ නම් දෛනික මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මේ වන විට රෝහල් කොවිඩ් රෝගීන්ගෙන්ද සුසාන භූමි කොවිඩ් මළ සිරුරුවලින්ද පිරී ඉතිරී පවතින බවත් ඊළග සතියේදී හෝ ලබන මාසයේදී මේ රෝගය පාලනය කළ යුත්තේ කෙසේද යන්න කිසිදු ක්‍රමවේදයක් මේ දක්වා දක්නට නොලැබෙන බව සංගමයේ සාමජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කරයි.

මේ සදහා දත්ත විශ්ලේෂණය කිරිම දත්ත රැස් කිරිම මේ කිසිම කරුණක් දැනට සිදුනොව බවත් රට වසනවාද නැද්ද යන්න තීරණය කිරිමට හැකි කිසිදු ක්‍රමවේදයක් මේ වන තෙක් ගෙන නොමැති බවත් ඔහු පෙන්වාදේ.

“පදනමක් මත දත්ත රැස්කර ඒවා විශ්ලේෂණය කර තමයි මේ දේවල් කරන්න ඕන. ඔය කියන දත්ත නිවැරදි නම් මරණ සංඛ්‍යාව අඩුවෙන් අවශ්‍යයයි.“

“මෙවැනි තත්වයක් යටතේ රට කුමන අයුරින් ද හැසිරිය යුත්තේ කියන වග එක් අංශයක පමණක් නොව සියලුම අංශ කල්පනා කළ යුතුයි. සංචරණ සීමා විහිළුවක් බවට පත් වී වෙලා. අකුරටම ක්‍රියාත්මක වී ඇත්තේ වයිරසය පමණයි.“ වෛද්‍ය කොළඹගේ කියයි.

Exit mobile version