කොවිඩ් බිස්නස් කාරයන් සංචාරකයින් ගසා  කන්නෙ මෙහෙමයි.. සෞඛ්‍ය  වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය  

පී.සී.ආර් පරික්ෂණයන් සිදුකිරීම සදහා ගුවන්තොටුපල තුල විශාල රසායනාගාර දෙකක් තිබියදි විදේශයන්හී සිට මෙරටට පැමිණෙන දෙස් විදෙස් සංචාරයකින්ව ගසා කෑමේ ව්‍යාපාරයක් දියත් වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වාදේ.

සියලු පහසුකම් සහිත මෙම රසායනාගාරය මගින් පැය 3ක් ඇතුළත වාර්තාවක් නිකුත් කිරීමේ හැකියාව තිබියදී සියලුම පරික්ෂණ පිටත රසායනාගාරයන් වෙත ලබා දෙමින් එම වාර්තාවන් දින දෙක තුන ප්‍රමාද කිරීමක් සිදුකරන බවත් එම වාර්තාවන් ලැබෙන තෙක් සංචාරයකයින්ට හෝටල් කාමර තුළ රැදෙමින් විශාල මුදලක් ගෙවන බවත් සංගමයේ සභාපති රවී කුමුදේශ්   සඳහන් කරයි.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම රැගෙන මෙරටට පැමිණියද පීසීආර් පරික්ෂණයකට ලක්වීම අනිවාර්ය වන බැවින්  මෙම සංචාරකයින්ගේ වාර්තාවන් හැකි ඉක්මනින් ලබා දීමේ වැඩපිළිවෙළක් සාදන මෙන් ඔහු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.


කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ගේ අදහස වන්නේ හෝටල් හිමියන්ගේ මෙවැනි ගසා කෑම මීට පෙර සිදුවූ අවස්ථාවේදී හමුදාව හා එක්ව එම වැඩපිළිවෙළ නතර කල බවය. දැනට සිදුවන මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද සිය අවධානය යොමුකර සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අදහස ඉදිරිපත් කළ හැකි නමුත් මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන බැවින් එයට සෘජුලෙස දායකත්වයක් ලබා දිය නොහැකි යැයි විශේෂඥවරයා පැවසීය.

 

Exit mobile version