කොවිඩ් පිළිවෙත්  ගැන උපදෙස් දෙන ඇමති නාමල්  ඇදේට යයි

ඔවා දෙනු පරහට - තමා සම්මතේ පිහිටා සිට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වීමෙන් පසුව තම ට්විටර් සමාජ ජාලයට පනිවිඩයක් නිකුත් කර ඇති ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ  අවධාරණය කරන්නේ සෑම පුද්ගලයකුම කොවිඩ් 19 වසංගතයේ පවතින බරපතලකම අවබෝධ කරගෙන සෞඛ්‍යාරක්ෂිතව ක්‍රියා කළ යුතු බවය. අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවී සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන සෞඛ්‍ය මඟ පෙන්වීම් අනුගමනය කරන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙලෙස සමාජ ජාල හරහා ඉල්ලීමක් කරන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාද ඊයේ පෙරේදා දිනයන්හි ඔහු හම්බන්තොට ප්‍රදේශයේදී සහභාගී වූ නිල රාජකාරී කටයුතුවලදී සහ මහජන හමුවීම්වලදී තමන්ගේ ආරක්ෂාව පිළිබඳව වත් නොසලකමින් කටයුතු කරන ආකාරය ඔහුගේම ටිව්ටර් සමාජ මාධ්‍ය ගිණුම තහවුරු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පමණක් නොව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්  , වෛද්‍ය උපුල් ගලප්පත්ති යන දේශපාලකයන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ගණනාවක්ද එහිදී සෞඛ්‍ය අංශ විසිසන් ලබා දී ඇති මග පෙන්වීම් කඩකරමින් අවම වශයෙන් මුඛ ආවරණයක්වත් නොපැළඳ සිටින ආකාරය එහි නිරීක්ෂණය වෙයි.


 

Exit mobile version