කොවිඩ් නිරෝධායන නීති උල්ලංගනය කරමින් පැවැත්වූ උපන් දින සාදයක් වැටලීමට ගිය පූජාපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරින් තිදෙනෙකු ට බීමතින් සිටි පිරිස ක් පහර දී තිබේ.
ඊයේ (22) රාත්රියේ සිදුව ඇති මෙම සිද්ධිය නිසා පහර කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂක වරයා තුවාල ලබා ඇති අතර ඔහු ප්රතිකාර සඳහා පූජාපිටිය මැදවල රෝහලට ඇතුළත් කර ඇත.
ඔහු මේ වන විට නේවාසිකව ප්රතිකාර ලබන අතර පහරදීමට සැකපිට ඕවිස්ස උතුර, පූජාපිටිය ප්රදේශයේ පදිංචි එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.