කොවිඩ් නිසා සේවකයො අඩුයි… ජාතික රෝහලේ වැඩ අඩපණයි….

ශ්‍රියානි විජේසිංහ –  

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ, ගනේමුල්ල ඇතුළු ප්‍රදේශවල  සිටින බැවින් ඔවුන්ව සේවයට නොකැඳවීම හේතුවෙන් රෝහල් කටයුතු නිසියාකාරව කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි  ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් සඳහන්  කළේය

මේ අනුව කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන පුද්ගලයින්ව සීමා කිරීම හෙට (8) සිට ආරම්භ කරන  බව ද   එම ප්‍රකාශයා පැවසීය‍

මේ අනුව ප්‍රතිකාර ලබා ගැනීමට  තනිව පැමිණිය හැකි රෝගීන් සිටින්නේ නම් තනිව පැමිණෙන ලෙසත් එසේ පැමිණීමට නොහැකි රෝගීන් එක් පුද්ගලයෙකු සමග පමණක් පැමිණීමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නේවාසික රෝගීන් බැලීමටද පැමිණෙන පුද්ගලයින්ද එක් අයෙකුට පමණක් සීමා කිරීමටද කටයුතු කරනු ඇත.

 

Exit mobile version