කොවිඩ් නිසා වැසුණු මන්නාරම දුම්රියපල අද යළි විවෘත වේ

දිනසේන රතුගමගේ –

කොරෝනා වසංගත තර්ජනයක් හේතුවෙන් තාවකාලිකව දින දාහතරක් වසා දමා තිබූ මන්නාරම දුම්රිය ස්ථානය 27 දා සිට යළි විවෘත කොට තිබේ.

වවුනියාව පට්ටකාඩු කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු  මන්නාරමට පලාගොස් මන්නාරම දුම් රිය ස්ථානයේ කල් ගෙවීම නිසා  දුම් රිය ස්ථානයේ සියලුම සේවකයින් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන්ට සිදුව ඇති නිසා මේ තීරණය ගෙන තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ රටක සිට පැමිණි පුද්ගලයෙකු වවුනියාව මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අතරතුර පලාගිය අතර ඔහුව   යුද හමුදාව විසින් මන්නාරම  දුම් රිය ස්ථානයේදී අත් අඩංගුවට ගෙන ආපසු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන විත් පීසී පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව මන්නාරම දුම් රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කොට තිබුණි.


Exit mobile version