කොවිඩ් නිසා මිය ගිය දරුවන් 67 දෙනා ගැන විශේෂඥවරු කියන කතාව

Baby-Death

කොවිඩ් රෝගය වැළදිම හේතුවෙන් දරුවන් 67 දෙනෙකු මිය ගොස් ඇතැයි ද ඔවුන් නිසි වේලාවට රෝහල්ගත නොකිරීම හේතුවෙන් මෙම මරණ සිදුවීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයිද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්   සඳහන් කරයි.

මෙම දරුවන්ගෙන් 13 දෙනෙකුම මිය ගොස් ඇත්තේ නිවස තුළ දී යැයි කරන ලද පරික්ෂණවලදී අනාවරණය විනැයි ඔහු පෙන්වා දෙයි.

මෙම මරණ වලින් සියයට 95ටම හේතුව කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව බව ද වෛද්‍ය ජයරත්න කියයි.


මෙසේ කොවිඩ් රෝගයේ සංකූලතාවන් හේතුවෙන් මියගොස් සිටි දරුවන් අතර ස්ථූලභාවයේ දරුවන් දෙදෙනෙකු හා දියවැඩියාවෙන් පෙළුන එක් දරුවෙකු හඳුනා ගෙන ඇත.

රෝහල් ගත කළ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා  වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගන්නා බවද පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා නිසි වෙලාවට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ නම් මෙම දරුවන්ගේ ජීවිත බේරා ගැනීමටද ඉඩ තිබුණේ යැයි කීවේය.

මිය ගිය දරුවන් අතර ඇතමෙකු ප්‍රමාද වී රෝහල් ගත කළ අය‌ මෙන්ම තවත් අය සුදුසුකම් නොලත් වෛද්‍ය ප්‍රතිකාරයන්වෙත ගොස් අසාධ්‍ය වූ පසුව රජයේ රෝහල් වෙත ඇතුළත් කළ අය බව වෛද්‍යවරයා සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝගය යම් කිසි පාලනයක් පෙන්නුම් කළද දරුවන් අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොයවන ලෙසත් ආගන්තුකයින්ට නිවස  තුළට පැමිණීමට ඉඩ ලබා නොදීම  වැදගත් බවත් ඔහු කියයි..

Exit mobile version