කොවිඩ් ආසාදිත වූ ගර්භනී මව්වරුන් 35 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි ද මෙසේ මිය ගිය කිසිම මවක් කොවිඩ් එන්නත ලබා නොගත් අය බව වාර්තා වී ඇතැයි කාසල් කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සදහන් කරයි.
කොවිඩ් එන්නත ලබානොගෙන සිටින ගර්භනී මව්වරුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් මරණයට පත්වීමේ අවදානම හැරුණු කොට නොමේරු දරුවන් ලැබීමේ හෝ මළදරු උපත් සිදුවීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවද හෙළිව ඇතැයි විශේෂඥවරයා අවදාරණය කරයි.
එම නිසා කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබානොගත් මවක් සිටින්නේ නම් තමාගේ ජීවිතය මෙන්ම කුසතුල වැඩෙන දරුවාගේ ජීවිතය ගැනද සිතා වහාම එන්නත්කරණයට යොමු වන්නැයි ඔහු සියලුම ගර්භනී මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.