කොවිඩ් නිසා ගෙනියන්න බයේ ගාල්ල බන්ධනාගාරයේ කසල ගොඩගැසේ…

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයෙන් බැහැරවන කැළිකසල දැනට සතියක කාලයක සිට රැගෙන නොයාම නිසා  ඉන් දැඩි දුර්ගන්ධයක් වහනය වන බවත් මෙම තත්වය නිසා ගැටළු රැසක් මතුවි ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.

මෙසේ එක්රැස්වී  ඇති කැලිකසල බන්ධනාගාරයේ ප්‍රධාන  ගෙට්ටුව  අසල ගොඩගැසී ඇති අතර  එහි මැස්සන් හා පනුවන් බෝවි   ඉන් දැඩි දුර්ගන්ධයක් ද වහනය විම නිසා බන්ධනාගාර නිලධාරින්ද දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 

ගාල්ල  බන්ධනාගාරයේ රැදවියින් 600 දෙනෙකු පමණ සිටින අතර නිලධාරින් 150 දෙනෙකු පමණ දිනපතා රාජකාරි කරති. බන්ධනාගාරයෙන් දෛනික බැහැරවන කැළිකසල  මිට පෙර නගර සභාව මගින් රැගෙන යනු ලැබිය. එහෙත් ගාල්ල බන්ධනාගාරයෙන් පසුගිය 05 වැනිදින කොවිඩ් ආසාදිත රෝගින් වාර්තා විමත් සමග බන්ධනාගාරයෙන් බැහැරවන කැළිකසල  නගර සභාව මගින් රැගෙන ගොස් නොමැති බව ද බන්ධනාගාර නිලධාරිහු පවසති.  


ාදිනගණනාවක් තිස්සේ  කැළිකසල එකතුවිම නිසා බන්ධනාගාරයේ ඇති  තනිකඩ නිවාසවල මැස්සන්  බෝවි ඇති අතර මේ නිසා පාරිසරික වශයෙන් ගැටලු රැසක් මතු වී ඇති බවද බන්ධනාගාර නිලධාරිහු පෙන්වා දෙති.  මෙය සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් බවද ඔවුහු පවසති.

අද (14) උදෑසන වනවිටත් මෙම කැළිකසල ඉවත් කිරීමට ගාල්ල නගර සභාව මගින් කටයුතු කර නොතිබුණි. මේ පිළිබඳ ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගෙන් අප කළ විමසුමක දි මෙසේ කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මෙම කැළිකසල රැගෙන යන ලෙස මා විසින් කසළ අංශයට දැනුම් දීලා තියෙනවා. බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රෝගින් විශාල  සංඛ්‍යාවක් වාර්තා වුනා. ඒ අයගේ කැළි කසලත් මෙම ස්ථානයේ  තියෙනවා. ඒ නිසා මේ කැළිකසල රත්ගම මොන්රෝවියාවත්ත කසළ අංගනයට රැගෙන යන්න බැහැ. වෙනත් ස්ථානයක වළක් කපා මෙම කසළ වළදැමිමට කටයුතු කරණවා. දැනට එක් රැස්වී ඇති කසළ කඩිනමින් රැගෙන යාමට කටයුතු කරණවා“ යැයිද නගරාධිපතිවරයා  පැවසිය.

Exit mobile version