කොවිඩ් තිබුණත් නැතත් නුවරට “මාස්ක්“ අනිවාර්යයි! -පරිසර ඇමති කියයි…

කොවිඩ් වසංගතය තිබුණත් නැතත් මහනුවර නගර වැසියන් සහ මහනුවරට පිවිසෙන ඕනෑම අයෙක් අනිවාර්යයෙන් මුව ආවරණයක් පැළඳිය යුතු බිහිසුණු තත්ත්වයකට මහනුවර වායු දූෂණය සිදුවී ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

තමන් මේ බව ප්‍රකාශ කරන්නේ  මහනුවර වායුගෝලීය තත්වයන් පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන් විසින් ලබා දී ඇති පරීක්ෂණ පර්යේෂණ දත්ත මත පිහිටා බවත් එම දත්ත ප්‍රකාරව මහනුවර නගරයේ වායුගෝලයෙහි විෂ වායු ගහණ බව පෙන්වා දී ඇති බවත් පරිසර ඇමතිවරයා කියයි.

පරිසර ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) නුවර දී පැවති භූ කම්පන සහ භූ සම්පත් පිළිබඳ දැනුම්වත් කිරීමේ සම්න්ත්‍රණය අමතමිනි.


“ මහනුවර ලංකාවේ ජීවත්වීමට හොඳම නගරය බවට   මතක් පැවතුණු කාලයක් තිබුණා. මේ තොරතුරුමත අනාවරණය වන්නේ දැන් එය ධරුණු අයහපත් වායූන්ගෙන් පිරීගිය නගරය බවයි.“

“පාසල් ආරම්භවන අවස්ථාව සහ අවසන්වන අවස්ථාවත්,  කාර්යාල ආරම්භවන සහ අවසන්වන කාලයත් තුළ සිදුකෙරුණ පරීක්ෂණවලදී අනාවරණය වෙලා තිබෙන්නේ දවසේ වැඩිම වායු දූෂණයක් වෙන කාලය එය බවයි.“

“අධික වාහන තදබදය රිය පණ ගන්වා නරගය තුළ තබා ගැනීම මෙන්ම භූ ගෝලීය පිහිටීමත් මේ සම්බන්ධව බලපාලා තියනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා ප්‍රකාශ කළේ රටේ සෙසු නගර දෙස බලනවිට නුවර නගරය සඳහා විශේෂිත සැලැස්මක් අත්‍යාවශ්‍ය බවය.

 

Exit mobile version