කොවිඩ් ගැන අද ජනපති ප්‍රධානත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් 

කොරෝනා පාලනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතය. විශේයෙන්ම රට අභ්‍යන්තතරයේ සාර්ථක ලෙස රෝග පාලනය සිදු කොට ඇති පසුබිමක ඉදිරියේදී එය ව්‍යාප්ත නොවීම සම්බන්ධයෙන්  කටයුතු කළ යුතු ආකාරය  සම්බන්ධයෙන් මෙහිදි තීරණ කිහිපයක්ම ගනු ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග ලංකාසරට පවසයි.

විශේෂයෙන්ම විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් මගින් රට තුළ යළි රෝගීන් මට්ටම පසුගිය දින දෙක තුළ ඉහළ ගිය අතර ක්වේට් සිට පැමිණි පුද්ගලයන් අතර වැඩි වශයෙන් ආසාධිතයන් වාර්තා විය. මේ නිසා ඊයේ රාත්‍රි (25) විදේශ රටවලින් යළි ශ්‍රි ලාංකිකයන් ගෙන්වීම නතර කිරිමට රජය තීරණය කර ඇත.

මේ වන විට තවත් හතළිස් දහසකට ආසන්න පිරිසක් ශ්‍රි ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අනුගමනය කළ යුතු පියවර පිළිබඳව ද මෙම සාකච්ඡවේ දී  පුළුල් ලෙස කතා බහට ලක් වනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය. ඊට අමතර ව මෙරට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීම සමබන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් දෙන ලද මග පෙන්විම් අනුගමනය නොකරන කණ්ඩායම්,  පුද්ලයන් සම්බන්ධයන් ද අනුගමනය කළ යුතු පියවර මම සාකච්ඡාවේදි අවධානය යොමුව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්වේට සිට පැමිණි පුද්ගලයන් 90 දෙනකු මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් බවට වෛද්‍ය පරික්ෂණවලින් හෙළි වී ඇත.    

Exit mobile version