කොවිඩ් එන්නතට එරෙහිව නඩු පවරයි

කොවිඩ් මර්දන එන්නත් ලබාගැනිමෙන් පසු තම සැමියා මියගියේ යැයි පවසමින් කාන්තාවක ඇතුළු පිරිසක් විසින් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව සිංහල වෛද්‍ය කේන්ද්‍රය පවසයි.

එන්නත මගින් මිනිසුන් මියයාම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව මෙලෙස අපරාධ නඩුවක් ගොනු කළ බව පැමිණිලි පාර්ශ්වය පවසයි.

එමෙන්ම තවත් එවැනි පැමිණිලිකරුවන් කිහිපදෙනකුගේ විස්තර ද අධිකරණයට දැන්වූ බවත් එහි දෙවැනි පැමිණිලිකරු වන සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍යාචාරය් බී.ඒ. රත්නපාල මහතා පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැමිණිල්ල ගොනු කර ඇත්තේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.

Exit mobile version