කොවිඩ් ආසාදිත මුස්ලිම් මරණ පුච්චනවා ද?.. වළලනවා ද?… තීන්දු කළ යුත්තේ තාක්ෂණික කමිටුවක්…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි...

නතාෂා නෙත්මිණි  –                                                    

කොවිඩ් මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ  විශේෂඥ කමිටුවක් මගින් ගත යූතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම කමිටුව පත් කිරීම සදහා  පසුගිය මාර්තු මාසයේදී අදහස් හා යෝජනා ඉදිරිපත් කල නමුත් මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශය මෙම කමිටුව සාදා නොමැති බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

කොවිඩ් වෛරසය ආසාදනය වී පුද්ගලයෙක් මිය ගියහොත් ඔහුගේ දේහය භූමදානය කිරීමේදී භූගත ජලයට එම විසබීජය එකතු වීමේ දැඩි අවදානමක් තිබෙන බැවින් තාක්ෂණික කමිටුවක් සකස් කර පුළුල් අධ්‍යයනයකින් පසුව රටට ගැලපෙන තීරණය ගත යුතු බව හෙතෙම පෙන්වාදේ.


මෙම කමිටුවට ප්‍රජා වෛද්‍ය, කායික රෝග , වෛරස් රෝග බැක්ටීරියාවේදය පිළිබද, අධිකරණ කටයුතු ,භූවිද්‍යා කටයුතු හා සමාජ විද්‍යාව පිළිබද විශේෂඥවරුන් මෙම කමිටුවට සම්බන්ධ විය යුතු බවත් ඔවුන්ගේ පුළුල් අධ්‍යයනයකින් පසුව අවසන් තීරණයක් ගත යුතුයැයිද සංගමය පෙන්වාදේ.

කොවිඩ් යනු මුළු ලෝකයම වෙලා ගත් වසංගතයක් බැවින් මෙහිදී තාක්ෂණික කමිටුවේ තීරණය අවසාන තීරණය වනු ඇතැයි වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත මුස්ලිම් පුද්ගලයන්ගේ මරණ භූමිදාන කිරීම සඳහා රජය එකඟ වූ බව සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ  මහ ලේකම් අබ්දුල් රාසික් පවසා තිබුණේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් රජයේ තීන්දුව තම සංවිධානය වෙත  තහවුරු කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදන මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා රටේ වියළි කලාපයේ පිහිටි භූමියක් ගැන සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව ඩේලි මිරර් ඊයේ ( 10) වාර්තා කළේය.

Exit mobile version