කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙයි… රෝහල් සූදානමින්! 

කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය සඳහන් කරයි.  ඔහු පවසන්නේ දරුවන්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය දැඩිසත්කාර ඒකක ඇදන් සහ වාට්ටු ඇඳන්වල ධාරිතාවය ඉහළ නැංවීමට කටයුතු මේ වනවිට සිදු කරමින් ඇති බවය.   

පසුගිය සතියේදි කොවිඩ් දරුවන් වෙනුවෙන් වෙන්ක තිබූ ඇදන් 10ක  සංඛ්‍යාව අද වන විට 100 දක්වා වැඩිකිරීමටත් ඉදිරි දිනවලදි අවශ්‍ය නම් තවදුරටත් ඉහළ නැංවීමටත් කටයුතු කරන බව පවසන   අධ්‍යක්ෂවරයා හදිසි අවස්ථාවක් පැන නැගුණහොත් රෝහල් කාර්ය මණ්ඩල සූදානමින් තැබීමට කටයුතු කරන බවද  දන්වා සිටියේය. 

මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් දරුවන්ට අවශ්‍ය වුවහොත් ලබා ගැනිම සදහා  ඔක්සිජන් ප්‍රමාණවත් ව පවතින බවත් ඉදිරියේදී අවශ්‍යතාවන් ඉහළ යන්නේ නම් ඒ අවශ්‍යතාවය අනුව වහාම සපයා ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂවරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට දරුවන් 50ට අධික පිරිසක් නිවෙස්හි  නිරෝධායනයට යොමුකර ඇතැයිද සදහන් කරන අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය පුරුදු අකුරුටම ක්‍රියාත්මක කර දරුවන් කොවිඩ් වයිරසයෙන් බේරා ගැනීමට හැම විටම කටයුතු කරන්නැයි දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කරයි.

Exit mobile version