කොවිඩ් ආසාදිත තරුණයෙක කොස්ගොඩ රෝහලකින් පැන යයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන  කොස්ගම ප්‍රදේශයේ  රෝහලකට ඇතුළත් කරනු ලැබූ  කොවිඩ් වෛරසය ආසාදනය වූ 26 හැවිරිදි තරුණයෙකු එම රෝහලෙන් අද උදෑසන 6.00 ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

මෙම ආසාදිතයා අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇති අතර ඔහු නව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

Exit mobile version