කොවිඩ් ආසාදිතයන් ලක්ෂ හය පනී…

covid-

මෙරටින් නිල වශයෙන් හඳුනාගෙන වාර්තා කළ කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ හය ඉක්මවූ බව සෞඛ්‍ය අංශ වාර්තා කළේය.

ඒ ඊයේ (21)  ප්‍රකාශිත කොවිඩ් ආසාදිතයන්  840ත් සමගය.

මෙම ආසාදිතයන් වාර්තා වන්නේ සීමිත පී.සී.ආර් සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රමාණයකින් බව ද  සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය.


මේ වනවිට රට තුළින් වාර්තා වූ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 15,172ක් වූයේය.  ඒ ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 17ත් සමගිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිට රට තුළ ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රොන් බවට පරිවර්තනය වෙමින් ඇති බවත් සෞඛ්‍ය නීති නිසි පරිදි පිළිනොපදින්නේ නම් රට බරපතල පිපිරීමටක ලක්විය හැකි බවත් සෞඛ්‍ය අංශ ඊයේ අනතුරු ඇඟවීය…

Exit mobile version