මේ වන විට නිවෙස් නිරෝධායනය නතර කර ඇති බැවින් තම අභිමතය පරිදි නිවෙස් නිරෝධායනයට යොමු නොවන්නැයි කොවිඩ් ආසාදිත රෝගින්ගෙන් පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි
උණ කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ සහ ඇඟපතේ වේදනාවක් පවතින්නේ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්නැයි ඇය සදහන් කරයි.
.කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව රටතුළ ක්‍රමයෙන් අඩු වීම හා නිවෙස් නිරෝධායනය සඳහා අධික පිරිවැයක් දැරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවීම හේතුවෙන් නිවෙස් නිරෝධායනය නතර කළ නමුත් මේ වන විට කොවිඩ් රෝගය යළි හිස ඔසවමින් පවතින බැවින් නිවෙස් නිරෝධායන වැඩසටහන නැවත සක්‍රීය කිරීම සඳහා කටයුතු කිරීමට මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ඇය සඳහන් කළාය.