කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අර්බුදයක…

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් නිසි ලෙස අධීක්ෂණය නොවීම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලදීම රෝගීන් බරපතල  තත්වයට පත්වීමේ අවදානමකට මුහුණ දී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

මේ පිළිබඳව  සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය  බලධාරීන් අද දවස වෙන් කර ඇත.

මේ සම්බන්ධව නරකම අත්දැකීමක් ඊයේ මධ්‍යම පළාතෙන්න වාර්තා වූ බවත් පොල්ගොල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට හුස්ම ගැනීමේ අපහසුතා මත තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළ රෝගීන් 05 දෙනෙක් දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය නිවුමෝනියා තත්වයේ පසුවූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


එමෙන්ම අද දවස තුළ පැණිදෙණිය කොවිඩ් මධ්‍යස්ථානයේ සිටි තෙල්දෙණිය රෝහලට  දෙදෙනෙක් නිවුමෝනියා තත්වය මත යොමු කර තිබේ. මේ වනවිට කොවිඩ් නිවුමෝනියා තත්වයෙන් දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන්  11 දෙනෙක් තෙල්දෙණිය රෝහලේ පසුවන බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව කළ විමසීමක දී අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාවල  සෞඛ්‍ය කාර්ය මණ්ඩල පෙන්වා දෙන්නේ වෙනදාට වඩා වැඩි වශයෙන් රෝගීන් අසාධ්‍ය තත්වයට පත් වන බවත් රෝග ලක්ෂණ බාහිරින් ප්‍රකට නොකරන රෝගීන් එක්වරම ශ්වසන ආබාධවලට ලක්වන නිසා ඔවුන් සමීපව අධීක්ෂණය කිරීම අවශ්‍ය නමුත් ඒ සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල ධාරිතාව හා පහසුකම් නොමැති බවත්ය.

Exit mobile version