කොවිඩ්වලින් මැරෙන්න අරින්න එපා… බෝගම්බර සිරකරුවෝ වහළ මත නගිති.

කොවිඩ් වලින් සිය ජීවිතය විනාශ වන තුරු නොඉඳ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන   ලෙස ඉල්ලමින් පරණ බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අද (12) උදෑසන සිට බන්ධනාගාරයේ වහළ මත රැඳී උද්ඝෝෂණයක් අරඹා ඇත.

බෝගම්බර බන්ධනාගාරයේ සිට 30කට ආසන්න ප්‍රමාණයක රැඳවියන් කොවිඩ් ආසාදනය වී සිටින බවත් ඔවුන්ගේ සමීපත ආශ්‍රිතයන් වූ තමන්ට පී.සී.ආර්. පරීක්ෂණ කරනු තබා කොවිඩ් වලින් වළක්වා ගැනීමේ කිසිම වැඩපිළිවෙළක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක නොවන බවත් වහලය මත නැග සිටින රැඳවියෝ කියති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් මේ සිර ගෙදර තුළ කොවිඩ් ආසාදනයෙන් මිය යන්නට නොදෙන ලෙස මේ රැඳවියෝ රජයට කියති.


 

Exit mobile version