කොවිඩ්වලට බයේ පරණ වට්ටෝරුවලට පොඩි උන්ට බේත් ගන්න එපා…

නතාෂා නෙත්මිණි –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරණ ඖෂධ වට්ටෝරු භාවිතා කර දරුවන්ට ඖෂධ ලබා නොදෙන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

පැරණි වට්ටෝරුවේ ඖෂධ මාත්‍රාවන් හෝ ඖෂධ දරුවාගේ ශරීරයට මේ වන විට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇතිවිය හැකිය වන අතර එය විවිධ සංකූලතාවන් මතුකිරිමට හේතුවක් විය හැකියැයිද හෙතෙම සඳහන් කරයි.

තවද මේ දිනවල උණ රෝගය පැතිර යන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයිද ෆැරන්හයිඩ් 100ට වඩා උණ පවතින්නේ නම් පැය හයෙන් හයට පැරසිටමෝල් නිසි මාත්‍රාවෙන් ලබා දී උණ අඩුකර ගන්නැයිද විශේෂඥවරයා සදහන් කරයි.

කොවිඩ් වෛරසය ඉතා භයානක අන්දමින් පැතිර යන බැවින් තදබල අසනීපයකට හැර උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අසනීප තත්ත්වයන් සඳහා දරුවන් රෝහල් වෙත රැගෙන නොයන්නැයිද හෙතෙම දැනුම්දි සිටියි.

Exit mobile version