කොරෝනා ලෝකයට  ඇවිත් අවුරුද්දයි. එය පරාජය කළ හැක්කේ විද්‍යාවෙන්ම පමණයි…

ලෝක සෞඛ්‍ය සංවිධන අධ්‍යක්ෂ ජනරාල් කියයි...

whoDG

කොවිඩ් 19 වෛරසය පිළිබඳ ව චීනයේ වුහාන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුල් වරට වාර්තා කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අවසන් සතියේ බවත්  ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයම කොවිඩ් 19 වෛරසය සමග සටන ආරම්භ වී මෙම සතියට වසරක් පිරෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් ඊයේ (28) රාත්‍රී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම වෛරස අභියෝගය පරාජය කළ යුත්තේ විද්‍යාවෙන්ම ම බවත් මේ සඳහා ලෝකයේම විද්‍යාත්මක ප්‍රජාව විසි හතර පෑ මුළුල්ලේ මේ වනවිට දැඩි සටනක නියැළෙන බව ද වෛද්‍ය ටෙඩ්රෝස් සඳහන් කළේය.

ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති සති පතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පෙන්වා දුන්නේ අප මේ වනවිට මෙම වෛරසයට එරෙහිව කටයුතු කිරීමේ ලබා ඇති ප්‍රගතිය  මත ලබන වසර තුළ වසංගතය නිමා කිරීමට අවශ්‍ය සියලු ශක්තීන් යෙදවිය යුතු බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා “අප මේ රෝගය හඳුනා ගත් දා සිට එය වසරක් තුළ ලෝකයට සිදු කර ඇති බලපෑම් අති විශාලයි. ඒ වගේම මේ වසංගතය පරාජය කිරීමටත් මා හිතන්නේ ලෝකයේ පෙර නොවූ විරූ ප්‍රයත්නයක් ලෝකයේ සෑම රටක්ම දරනවා. විද්‍යාව සෑම දෙයකම මූලික හරයයි. මේ විද්‍යාත්මක ප්‍රවේශය මත අද මෙම වෛරසය පැතිරෙන ආකාරය එය පාලනය කිරීමට කළ යුතු දේ පිළිබඳව ලෝකයට නව දැනුමක් ලැබී තිබෙනවා. අප කළ යුත්තේ මේ දැනුම මත තවදුරටත් ගවේෂණය කිරීමයි. රෝගයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි.


ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දෙසැම්බර් මාසයේ අග මේ තත්ත්වය හඳුනා ගත් පසුව මුලින්ම කළේ එය හමුවේ ලෝකයේ ජනතාව, එක් එක් රටවල සෞඛ්‍ය අංශ කටයුතු කළ යුත්තේ කේසේද යන්න පිළිබදව අංගසම්පූර්ණ මඟ පෙන්වීම් මාලාවක් සකස් කිරීමයි.  අපට එය මෙම වසරේ ජනවාරි 10 වැනිදා වනවිට ලෝකයේ සෑම රටකටම ලබා දෙන්නට හැකියාවක් ලැබුණා. ජනවාරි මාසයේ මැද වෙද්දී මෙම ඉන්ෆල්ලුවෙන්සා ආකාර වෛරසය නව කොරෝනා වෙරසයක් බව නිශ්චිත ව හඳුනාගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට හැකි වුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට පසුව ක්‍රමිකව ලෝකයේ මෙය පැතිරෙද්දී ඒ සම්බන්ධ විවිධ අංශවල විද්‍යාඥයින් වෛද්‍ය පර්යේෂකයන් පර්යේෂණ පැවැත්වුවා. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වැනි ඉක්මනින් රෝගය හඳුනා ගැනීමේ ක්‍රමවේද වගේම වෛරසයේ හැසිරීම සම්බන්ධ නව දැනුම මේ පර්යේෂණවලින් ලැබුණා. ඒ වගේම මේ වනවිට රෝග කාරකයට එරෙහිව එන්නත් කිහිපයක්ම සාර්ථක ලෙස අත්හදා බලා තිබෙනවා.  එයින් කිහිපයක් මේ වනවිටත් භාවිතයට ගත හැකි මට්ටමට පවතිනවා. මේ සියල්ල සිදුවුයේ විද්‍යාව මත පදනම්වයි. අපි මේ හරහා සෑම දිනකම රෝගය පිළිබඳ අලුත් දෙයක් සොයා ගන්නවා. එයන් අපට ඉදිරියේදී එක්ව මෙම අභියෝගය ජය ගත හැකියි.“ යයිද පැවසීය.

Exit mobile version