“කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු ගැන විශේෂඥ කමිටුවක් පත්කළ බව අසත්‍යක්”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය යන අයගේ මළ සිරුරු ආදාහනය කරනවා ද භූමදානය කරනවාද යන්න පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවට ආණ්ඩුව අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මේ වන තෙක් එවැනි කිසිදු කමිටුවක් පත් කර නැති බවත් මේ සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයෙහි මතුව තිබෙන අර්බුදය සමනය කර ගැනීම සඳහා එවැනි කමිටුවක් පත් කළ බවට ප්‍රචාරයක් පමණක් එන යමින් සිටින බව හෙතෙම කීය.

මේ වන විට තාක්ෂණ කමිටුවක් පත්කර තිබෙන බවත් එය අමාත්‍යාංශයේ වෙනත් කටයුතු සඳහා ක්‍රියාත්මක වන බව පවසන මුජිබර් රහුමාන් මහතා එම කමිටුව නියෝජනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් සහ මරණ පරීක්ෂකවරු කිහිප දෙනෙක් බවත් කිසිදු විශේෂඥයෙක් ඒ කමිටුවේ නොමැති බවත් හෙතෙම අනාවරණය කළේය.


ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදුන් සෑම යෝජනාවක්ම ක්‍රියාවට නැංවු ආණ්ඩුව ආදාහනය සම්බන්ධව පමණක් කමිටුවක් පත් කර ගත් බව පවසමින් දේශපාලන අර්බුදය ගැට ගසා ගැනීමට තවමත් උත්සාහ කරමින් සිටින බවට චෝදනා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වෛරසය වැළඳීමෙන් මිය යන අය ආදානය කරනවාද භූමදානය කරනවාද යන්න පිළිබඳව විශේෂඥ කමිටුවේ තීරණය අනුව ආණ්ඩුව තීරණයක් ගන්නා බව ප්‍රකාශ කළත් අද වන තෙක් එවැනි කමිටුවක් පත් නොකර මෙම ප්‍රශ්නය යටගැසීමේ උත්සාහයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ ආණ්ඩුව නිරතව සිටින බවට මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් චෝදනා කරයි.

Exit mobile version