කොරෝනා මැද පීදුණු ඉන්දීය තාරුණ්‍ය

ගෝලීය අභියෝගයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස බැට කෑ ඉන්දියාවේ තරුණ ප්‍රජාව වෛරසය පැතිරයාම වැලැක්වීමට නොබියව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව ඉන්දියාවේ තරුණ පිරිස් තමන් ජීවත්වන ප්‍රදේශවල සෞඛ්‍යාරක්ෂිත භාවය තහවුරු කිරීමට ඉතා ආදර්ශමත් මෙන්ම නිර්මාණ ශීලිව සහභාගීවි ඇති අතර එහිදී ඔවුන් සෞඛ්‍ය ප්‍රවර්ධනයට නවතම ක්‍රමවේදයක් යොදොගැනීමට සමත්ව ඇත.

එහි එක් අවස්ථාවක් ලෙස යුනිසෙෆ් ආයතනය සහ ඉන්දියාවේ තරුණ කටයුතු අමාත්‍යංශයේ ජාතික සේවා වැඩසටහන යටතේ තරුණ තරුණියන් 25000කගේ සහභාගීත්වයෙන් නිල් බලකාය වැඩසහන දියත් කෙරිණි.


නිල් බලකාය

මෙම වැඩසටහනට අනුව චටිස්ගා හී මිලියනකට අධික ජනතාවකට සහය වීමට හැකියාව ලැබී ඇත. එහිදී වයස අවුරුදු පහට අඩු දරුවන් සම්පූර්ණ වශයෙන් ප්‍රතිශක්තීකරණය කිරීමටද ගැබිණි කාන්තාවන්ට ආරක්ෂිතව දරුවන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකියාව ලැබී තිබේ.

එසේම ළමා පෝෂණය පිලිබඳ සහ පාසල් වසා ඇති අවස්ථාවක් වුවත් ළමුන්ගේ අධ්‍යාපනය කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සහ උපකාර සැලසීමද මෙම වැඩසටහන මගින් සිදුවිය.

නිවසෙන් නිවසට ගිය කොරෝනා එන්නතේ වැදගත්කම

මේ අතර මධ්‍ය ප්‍රදේශ් හී ග්‍රාමීය ප්‍රදේශවල වෙසන බහුතරයක් දෙනාට කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමේ වැදගත්කම පහදා දෙමින් එන්නත් කරණයටද යොමු කිරීමට සමත්ව ඇත.

මෙහිදී කොරෝනා මර්ධන එන්නත් සම්බන්ධයෙන් මධ්‍ය ප්‍රදේශ් හී පැතිර කිය කටකතා හේතුවෙන් එන්නත් කරණයට මැලිකමක් දැක්වූ විශාල පිරිසක් මෙම තරුණ පිරිසගේ මැදිහත්වීමෙන් එන්නත් කරණයට යොමු වී තිබේ.

එහිදී ස්වේච්ඡා ක්‍රියාකාරීන්වූ ඩිවිශා පර්වාර්, රිටේෂ් යාදව් සහ ආර්ති යාදව් නිවසෙන් නිවසට ගොස් එන්නත් ලබාගැනීමේ වැදගත්කම පැහැදිලි කිරිමට පියවරගෙන තිබිණි.

රෝද දෙක මත තැණුන පුස්තකාලය

කොරෝනා වෛරසය හේතුවන් පාසල් වසා දැමීමත් සමඟ මධ්‍ය ප්‍රදේශ් හී සින්ගුරාවුලි හී දරුවන්   විශාල අභියෝගයකට මුහුණ දෙනු ලැබීය. එම දරුවන් බහුතරකයකට ජංගම දුරකථන නොමැති වීම හේතුවෙන් මාර්ග ගත අධ්‍යාපන කටයුතු වල නිරතවීමට නොහැකි විය.

ඊට පිළියමක් වශයෙන් තරුණ ගුරුවරියක් වූ ඌෂා ඩුබෙයි විසින් සිය යතුරු පැදියේ පොත් තබාගෙන් අධ්‍යාපන අවස්ථා අහිමි වූ දරුවන් සොයා ගම් නියම්ගම් සිසාරා යෑමට පියවරගෙන තිබිණි.

ඌෂා ඩුබෙයි ගේ රෝද දෙකේ පුස්තකාලය

ඇය කියවීමට ඇල්මක් ඇති දරුවන් සොයා යමින් ඔවුන් පොත් කියවීමේ අවස්ථාව සලසා දෙමින්ද දරුවන්ට මඟ හැරුණු පාඩම් කියාදීමටද ඉදිරිපත්විය.

එහිදී ඇය සිය යතුරු පැදිය ජංගම පුස්ථකාලයක් බවට පත් කළ අතර එමගින් අධ්‍යාපන අවස්ථා අහිමි වීමට ගිය දරුවන් රැසකට මඟ හැරීමට ගිය අධ්‍යාපන අවස්ථා මඟහරවා ගැනීමට හැකිවිය.

ඩිජිටල් අවකාශය ජයගැනීම

අපි සියලුදෙනා දන්නා පරිදි ඉන්දියාව යනු විවිධ සංස්කෘතීන් මෙන්ම භාෂා රැසක් භාවිතා වන රටකි. එවැන් තත්ත්වයකදී කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපන කටයුතු මාර්ගත ක්‍රමයට සිදුකිරීමේදී දරුවන් රැසක් එක් පොදු ගැටලුවකට මුහුණ දෙනු ලැබීය.

ජංගම දුරකථන යෙදවුම සැදූ 17 හැවිරිදි හිතාර්ත් සෙත්

ඒ අනුව හින්දි සහ ඉංග්‍රීසි නොවන භාෂා මාධ්‍යන්ගෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට අන්තර්ජාලය තුළ පාඩ්ම් කටයුතු වලට අවශ්‍ය කරුණු සොයා ගැනීමේ දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවිය.

මෙම අභියෝගයට පිළියමක් වශයෙන් ගුජරාට් ප්‍රාන්තයේ ජීවත්වන 17 හැවරිදි හිතාර්ත් සෙත් විසදුමක් සෙයාගනු ලැබුවේය.  ඒ අනුව ඔහු විසින් ප්‍රධාන නොවන භාෂාවන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට දැණුම ලබා ගැනීමට හැකිවන අයුරින් ජංගම දුරකථන යොදුමක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

මෙම ජංගම දුරකථන යෙදුම මගින් භෂා අටකට අධික සංඛ්‍යාවකින් දරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් කිසිම බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමටද අවස්ථාව හිමිවේ.

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවයෙන් සිදු කළ පෙරළිය

කේරලයේ වායනාද් හී වෙසෙන අශ්වතී මුරලි ස්වර්ණමය හඬකට හිමිකම් කියයි. ඇය විසින් කුඩා ගුවන් විදුලි සේවයක් පවත්වාගෙන යනු ලබයි.

කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිර ගිය සමයේදී යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමට ඇය විසින් ගුවන් විදුලි සේවය ඔස්සේ සිය ප්‍රදේශයේ ජනතාව දැණුම්වත් කිරීම සිදුකෙරිනි.

පසුව එන්නත්කරණය ආරම්භ වීමත් සමඟ සිය ග්‍රාමයේ පැතිර ගිය දුර්මත වැලැක්වීමටද ඇය සිය හඬ යොදා ගනු ලැබුවාය. එහිදී ඇය එන්නත ලබාගැනීමේ වැදගත්කම සහ ඒ පිලිබඳ පැතිර තිබූ දුර්මත පරදන්න සමත් වූවාය.

ඒ අනුව ඇය විසූ ග්‍රාමයේ සියලුමදෙනා මේවන විට කොරෝනා එන්නත් ලබාගෙන ඇති අතරම ගම තුළ කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමටත් ඇය සමත් වූවාය.

අශ්වතී මුරලි

අසත්‍ය තොරතුරු පැරදවීම

කොරෝන වෛරසය පැතිරයාමත් සමඟ ඉන්දීය ජනතාව විවිධ ඇදහීම් වලට අනුව කටයුතු කරන අයුරු දැක ගැනීමට හැකිවිය. ඇතැමුන් ගව මල ද්‍රව්‍ය ඇගේ තවරා ගනිමින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට උත්සාහ කළ අයුරුද දැක ගැනීමට හැකිවිය.

 

මෙවැනි පසුබිමක් තුළ වෛරසය පිළිබඳ අසත්‍ය තොරතුරු පරදා සත්‍ය කරුණු ජනගත කිරීම විශාල අභියෝගයක් විය.

එහිදී තමලිනාඩු හී වෙනස අල්තාෆ් විසින් සමාජ ජාල මාධ්‍ය භාවිතා කරමින් සත්‍ය තොරතුරු ජනගත කිරීමට වෑයම් කළේය. එය ඵලදරමින් දහස් ගණනක් දැණුම්වත් කිරීමට ඔහු සමවත්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම චරිත වලට අමතරව සටහන් නොවුණු තවත් තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පරාජය කිරීමට දිවා රෑ නොබනා කැපවන අතර ඔවුන්ගේ කැපවීම අතිමහත්ය.

Exit mobile version