කොරෝනා පෙත්ත ලංකාවේ අයටත් දෙන්න පුළුවන්දැයි බලයි

කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදකයකු වන මර්ක් සමාගම විසින් නිපදවන ලද මොල්නුපිරවීර් පෙත්ත ශ්‍රි ලකාවේ රෝගීන්ටද ලබා දිය හැකිද යන්න පිළිබඳ ව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිළිබදව රාජ්‍ය ආමත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඇතැයි ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.මේ පිළිබඳව අමාත්‍යංශ විශේෂඥ කිමටුවේ අදහස් විමසා ඇති රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව විශේෂඥ මතය තමා වෙත දැනුම් දෙන ලෙස සෞක්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ඉල්ලා ඇත.

ප්‍රතිවෛරස පෙතත්තක් ලෙස නිපදවා ඇති මෙම ඖෂධය කොවිඩ් ආසාදිත වූ සුළු සහ මධ්‍යස්ථත්තත්වයේ සිටින රෝගීන් සඳහා හදිසි ත්තත්ව මත භාවිත කිරීම සඳහා ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් වෙතින් මර්ක් සමාගම දැනටමත් අයදුම් කර ඇත. එය කොවිඩ් -19 රෝගීන් සඳහා ලබා දුන් පළමු මුඛ ප්‍රතිවෛරස් ඖෂධය ලෙසින් සැලකෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෝල්නුපිරවිර් නම් ප්‍රතිකාරය මඟින් රෝහල් ගත වීමේ හා මරණ අවදානම අඩකින් අඩු කරන බව වාර්තාවල දැක්වෙයි. මේ වන විටත් මැලේසියාව, දකුණු කොරියාව සහ සිංගප්පූරුව වැනි රටවල් කිහිපයක් මර්ක් සමඟ සැපයුම් ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටිති.
විදෙස් මාධ්‍ය වලට අනුව, මර්ක් සිය නිෂ්පාදනය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින හෙයින් නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට සැලසුම් කරයි


Exit mobile version