කොරෝනා පාලනයට අසමත් වූ මැලේසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

කොරෝනා වසංගතය පාලනය කරගැනීමට නොහැකි වීම සහ ඊට මහජන නියෝජිතයින්ගේ සහයෝගය තමාට අහිමි වූ බව පිළිගැනීම හේතුවෙන් දැඩි මහජන කෝපයට හේතුවීම නිසා පීඩනයට පත් වූ මැලේසියානු අගමැති මුහයිඩීන් යසින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ ඉල්ලා අස්වී තිබේ.

එය මාස 17 ක කලබලකාරී රාජ්‍ය පාලනයක් අවසන් කරන බව ඇගවීමක් බව එරට වාර්තා පවසයි.

අනුප්‍රාප්තිකයෙකු පත් කරන තුරු ඔහු තාවකාලික අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටී.


රොයිටර් පුවත් සේවයට අනුව රජු, සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා, වසංගතය අතරතුර රට තුළ මැතිවරණයක් නොපවත්වන බවට තීරණය කර ඇත. එමෙන්ම ඊළඟ නායකයා පත් කිරීමට ඔහුට ඉඩ දී තිබේ.

ලොව දරුණුතම වෛරස් උච්චාවචනය සමඟ පොරබදමින් සිටියදී සිදුවූ මෙම ඉල්ලා අස්වීම් මැලේසියාව වඩාත් දේශපාලන අර්බුදයට ඇද දැමිණ.

නිව් යෝර්ක් ටයිම්ස් දත්තවලට අනුව, මිලියන 32 ක පමණ ජනතාවක් සිටින මැලේසියාවේ ගත වූ දින 14 තුළ දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 20,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ජනගහනයෙන් සියයට 33 කට පමණක් පූර්ණ එන්නත ලබා දී ඇත. වසංගතයෙන් රට තුළ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව අවම වශයෙන් 12,510 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ද ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පතට අනුව, ඔක්තෝබර් අවසානය වන විට මුළු ජනගහනයටම එන්නත ලබා දෙන බවට ජාතික රූපවාහිනී ඔස්සේ කළ කතාවකදී හිටපු අගමැතිවරයා පොරොන්දු වී ඇත.

Exit mobile version