කොම්පෝස්ට් පොහොර කිලෝ 25000ක් තනියම හදාගෙන වී ගොවිතැනට බැස්ස තෝරපිටියේ හේරත් බණ්ඩා

මනම්පිටිය නිමල් ජයරත්න –  

වී වගාව සඳහා ගොවීන් රසායනික පොහොර ඉල්ලා අරගල කරන කාලයක මොරගහකන්ද කලාපයේ තෝරපිටිය   ගම්මානයේ ගොවි  මහතෙකු තම ගෙවත්තෙන් නිපදවා ගන්නා ලද කාබනික පොහොර භාවිතයෙන් අක්කර 05 ක භූමි ප්‍රමාණයක්   වගා කිරීමට පෙළඹීමේ පුවතක් වාර්තා වේ.

මෙලෙස කාබනික පොහොර භාවිතයෙන් පමණක් තම පවුලේ සාමාජිකයින් ද ඒකරාශී කරගනිමින් වී ගොවිතැන් කිරීමට පෙළඹී ඇත්තේ තෝරපිටිය  ගම්මානයේ වයස අවුරුදු 53 වියැති  දෙදරු පියකු වන එච්.එම්.හේරත් බණ්ඩා ය.

ඔහු වසර 37ක් සිට වී වගාව කරන ගොවි මහතකු වන අතර ඉකුත් කන්නයේ ද ඔහු අක්කර  5ක භූමි ප්‍රමාණයක කාබනික     වී වගා කොට තිබේ.


හේරත් බණ්ඩා   අවට පරිසරයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ය අමුද්‍රව්‍ය සොයා ගෙන ඉකුත් ඔක්තෝම්බර් මස දහ වන දා කාබනික පොහොර නිෂ්පාදනය  ආරම්භ කර ඇති අතර එම පොහොර මේ වන විට තම වී වගාවට  යොදමින් සිටින බවද අප සමග පැවසීය.

තමන් මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර කිලෝ 25000 ප්‍රමාණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ බවත්, ඉන් තමන් වගා කළ වී වගාවට  අවශ්‍ය කාබනික පොහොර  යොදා අවසන් කළ පසු  ඉතිරිවෙන  පොහොර ප්‍රමාණය ශ්‍රී ලංකා මහවැලිය අධිකාරියට අලෙවි කිරීමට  සූදානම් කර තිබෙන බවත්  හේරත් බණ්ඩා ගොවි මහතා අපට කීවේය.

කාබනික පොහොර නිෂ්පාදනයෙන් වී වගා කරන හේරත් බණ්ඩා ගොවි මහතා තම අදහස් අප සමග මෙලෙස සඳහන් කළේය.

” මම   අනෙක් ගොවියෝ රසායනික පෝර ඉල්ලලා උද්ඝෝෂණය කරනකොට මම කෙරුවෙ කාබනික පෝර හදන එක.  දැන් මම ඔක්තෝබර් මාසේ ඉඳලා මේ වෙනකොට කාබනික පොහොර කිලෝ 25000 ක් හදලා තියෙනවා. ඒකෙන් මගේ කුඹුරු අක්කර පහට කිලෝ 4000 ගානේ කිලෝ 20000 දාන්න තියාගෙන ඉන්නවා. ඉතුරු කිලෝ 5000  මම මහවැලියට විකුණනවා.

කාබනික පොහොර

මම කියන්නේ පාඩු වෙන්න හරි ලාභ වෙන්න හරි මේක කරලා බලන්න ඕනේ. කාබනික පොහොරවලින් වගා කරන නිෂ්පාදන වැඩි මිලට ගන්නවා කියලා කෘෂිකර්ම ඇමති තුමයි ජනාධිපතිතුමයි පොරොන්දුවක් දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ  නිෂ්පාදන රජය වැඩි මිලකට ගනී කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතින් මා තීරණය කළා පරිසරය තියෙන අමුද්‍රව්‍ය හොයාගෙන ගොවිතැනට අවශ්‍ය පොහොර ටික හදලා ගුණාත්මක නිෂ්පාදනයන් වෙළඳපලට ලබාදෙන්න.  කාබනික පොහොර නිෂ්පාදනයට වැඩි වියදමක් යනවා තමයි. නමුත් අපිට නිෂ්පාදන  වලට හොඳ මිලක් ලැබෙනවනේ. ඒ වගේම වස විස නැතුව හොඳ ආහාර වේලක් අපිට ගන්න පුළුවන්.“ ‍යැයිද හේරත් බණ්ඩා ගොවි මහතා අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.

 

Exit mobile version