කොතලාවල පනතට එරෙහිව ආණ්ඩුව ඇතුලෙන්ම කැරැල්ලක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ ඇති වූ විසංවාදය හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස් වූ  මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම බෙහෙවින්ම උනුසුම් මුහුණුවරක් ගත් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රැස්වීමෛ් දී කොතලාවල පනතට එරෙහිව පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරන් කිහිපදෙනෙක් මෙන්ම පොදුජන පෙරමුණ හා එක් වී සිටින සුළු පක්ෂවල මන්ත්‍රීවරු කීපදෙනෙක් පනතට එරෙහිව කරුණු දක්වා තිබේ.

මේ මතවාදය නුරුස්සනා ආණ්ඩු පක්ෂයේ ප්‍රබල චරිත කීපයක්ම පනතට එරෙහිව මතුවන කරුණු පිලිබදව දැඩිව විවේචනය කර ඇත.

මේ විසංවාදය හේතුවෙන් පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කරනට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ එම දැනුම් දීමත් සමග මන්ත්‍රී කණ්ඩායම් හමුව තීරණයකින් තොරව අවසන් වී තිබේ.

Exit mobile version