කොටි පොලිස් “මොඩ්ල් එකක්“ හැදූ යාපනය නගරාධිපති මනිවන්නන් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ –

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ඊයේ ( 8 )දා රාත්‍රී පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා ඔවුන්ට අතීතයේ තිබූ කොටි පොලීසියට සමාන අන්දමේ ඇදුම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

නගරාධිපතිවරයා අත් අත්ඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනය නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැලි කසල දමන්නන් අධීක්ෂණය කිරීම  දඩ මුදල් එකතු කිරීම වාහන හැසිරවීම  කොරෝනා නීතිරීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම යන කටයුතු බවයි.මේ කටයුතු පහසු කර ගැනීම සදහා එවැනි බලකායක් පිහිටවූ බවද ඔහු එහිදී පැවසීය.


නමුත් මේ සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාවේ අනුමැතියක් ලබා නොගැනීම සෙසු පක්ෂ දැණුවත් නොකිරීම යන කාරණා මත ඊයේ (08) පැවති යාපනය මහ නගර සභාවේ සභා වාරයට ඊ.පී.ඩී.පී.සංවිධානය සහභාගී වීමෙන් වැළකී සිටියහ.

යාපනය පොලීසිය විසින් මීට පෙර නගරාධිපතිවරයාගෙන් මූලික වශයෙන් ප්‍රශ්න  කළ අතර ඉන් පසුව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය ඔහුගෙන් පැය හයක කාලයක් ප්‍රශ්න කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රශ්න කිරීම වලින් පසුව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකකය විසින් යාපනය නගරාධිපතිවරයාව  වවුනියාවේ පිහිටි පොලිස් ත්‍රස්ත මර්දන කාර්යාලය වෙත රැගෙන විත් ඇති අතර එහි නිලධාරීන් එම සිද්ධිය පිළිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version