කොටි නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් මුහමාලෙන් හමුවෙයි

දිනසේන රතුගමගේ

කිළිනොච්චිය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත පිරිසකට 22 දා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නිලඇදුම්වලට සමාන නිලඇදුම් තොගයක්, අවිආයුධ, සයනයිට් කරල් දෙකක්, තුවක්කු කොටස් හා බෝම්බ කීපයක් හමු වී තිබේ.

එසේ හමු වූ ද්‍රව්‍ය අතර එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් භාවිත කරණ ලද විස්තර ඇතුළත් කරේ පළදින තහඩු දෙකක් (ඩෝග් ටැග්) හමු වී ඇති අතර එය එම සංවිධානයේ අංක 188 හා 308 යන අංක දරා සිටි සාමාජිකයින්ගේ බව ඒවායින් තහවුරු වී තිබේ.


එම සාමාජිකයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ.නායකයා සමග එකට සිට ගත් ඡායාරූපයක්ද හමු වී ඇති අතර එය අපැහැදිලි බව පලෙයි පොලීසිය පවසයි.

මෙම ද්‍රව්‍ය හමු වූ ස්ථානය පරීක්ෂා කිරීමට කිළිනොච්චිය මහේස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා පැමිණි අතර එම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කරණ ලෙස පොලීසියට නියෝග කොට තිබේ.
කිළිනොච්චි හා පලෙයි පොලීසි සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

ගොඩගත් සෙසු ගිනිඅවි හා පුපුරණ ද්‍රව්‍ය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එල්ටීටීඊය සිය සාමාජිකයන් හඳුනා ගන්නා රිදී පෙන්ඩනයක්

Exit mobile version