කේරළයේ ලොකුම නගර සභාව 21 හැවිරිදි ආර්යා අතට

ඉන්දියාවේ ලාබාලම නගරාධිපති ධුරයට 21 හැවිරිදි තරුණියක වන ආර්‍යා රාජේන්ද්‍රන් පත්ව තිබේ.

මුඩවන්මුගල් කොට්ඨාසයෙන් නගරාධිපති ධුරයට අයදුම් කළ ඇය ප්‍රතිවාදී කොංග්‍රස් අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද 549ක් ලබාගනිමින් ඡන්ද 2872ක් දිනාගෙන ඇත.

ඇය නගරාධිපතිවරයා ලෙස පත්වූයේ කේරළ ප්‍රාන්තයේ විශාලතම නාගරික කලාපය වන තිරුවානන්දපුරම් නගරාධිපතිවරයා ලෙසය.


එහි නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස සීපීඅයි නායක හා උපදේශක පී.කේ.රාජු කටයුතු කරනු ඇත.

මීට පෙර, සීපීඅයි (එම්) මන්ත්‍රීවරුන් අතර මැතිවරණයට ඉදිරිපත් වීමට නගරාධිපති අපේක්ෂකයා ලෙස ආර්ය රාජේන්ද්‍රන් තෝරාගෙන තිබුණි. එන්.ඩී.ඒ සහ යූ.ඩී.එෆ් මෙම තනතුර සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට තීරණය කිරීමෙන් පසුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා මැතිවරණයක් අවශ්‍ය විය.

එම ඡන්දය වෙනදාට වඩා තරගකාරී වීම හේතුවෙන් විවෘත ඡන්ද විමසීමේදී ආර්ය රාජේන්ද්‍රන් ස්වාධීන පුද්ගලයින් තිදෙනෙකුගේ සහාය ඇතුළුව ඡන්ද 54 ක් ලබා ගත්තේය. භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා ඡන්ද 35 ක් ලබාගත් අතර අයිඑන්සී අපේක්ෂකයා ඡන්ද 9 ක් ලබා ගත්තේය.

ඉන්දියා ටුඩේ රූපවාහිනියට අදහස් දක්වමින් ආර්ය රාජේන්ද්‍රන් කියා සිටියේ තමන් පක්ෂයේ වගකිවයුතු සේවිකාවක් බවත් කිසිදු පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව තම රාජකාරිය ඉටු කරන බවත්ය.

“මගේ රාජකාරි ඉටුකිරීමේ සීමාවක් ලෙස මට කිසි විටෙකත් වයස දැනී නෑ. විපක්ෂයෙන් මට කිසිදු තර්ජනයක් දැනෙන්නේ නෑ. පක්ෂය මගේ පිටුපසින් ඇති බව මම දනිමි. මට මඟ පෙන්විය හැකි පළපුරුදු පුද්ගලයින් බොහෝ දෙනෙක් සිටිති”. සිය ධුරය බාරගැනීමට සෙසු සාමාජිකයන් මැදින් ඇය යන විට පෙනුණේ ‘වැඩිහිටියන් මැදින් ළදැරියක යනවා වගෙයි’ යැයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

තිරුවානපුරම්හි සියලු සාන්තුවරය්න්ගේ විද්‍යාලයේ Bsc ගණිත අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ආර්‍යා රාජේන්ද්‍රන්, ඉන්දියානු ශිෂ්‍ය සම්මේලනයේ (එස්එෆ්අයි) ක්‍රියාකාරිනියක වන ඇය වාමාංශික පක්ෂයේ ළමා අංශය වන බාලසංගම් හි ප්‍රාන්ත සභාපතිනිය ද වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලි කාර්මිකයකු වන ඇගේ පියා එම පක්ෂයේ දිගුකාලීන ක්‍රියාකාරිකයෙකි. ඇයට වයසට වඩා දේශපාලන අත්දැකීම් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Exit mobile version