කෙහෙලිය හා පැමිණි ගෝලයෙක් ලින්ටන් විජේසිංහගේ හිසට පිස්තෝලය තියයි…

මගෙන් රස්සා ගත්තු උන් මෙදා මට වැඩ කළේ නෑ.... කෙහෙලිය වත්තේගම දී යකා නටයි...

limton-wijesinghe

වත්තේගම වාවින්න ඡන්ද මධ්‍යස්ථානයේ දී අද උදෑසන පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පැමිණි ගෝලයෙක්  විසින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ ගේ හිසට පිස්තෝලයක් තබා මරණීය තර්ජනය එල්ල කිරීමත්  සමග ප්‍රදේශයේ පොහොට්ටු අපේක්ෂකයන් අතර බරපත ආරවුලක් ඇති වී තිබේ.

වත්තේගම වාවින්න ඡන්ද මධ්‍යස්ථානයේදි අද  උදෑසන   කෙහෙලිය රඹුක්වැල්ල හා   ලින්ටන් විජේසංහ අතර ඇති වන බහින්බස් වීමක් දුර දිග යෑම මරණීය තර්ජන සිද්ධියක් තෙක් ඇදී ගොස් ඇත.

මෙම සිදුවීම “පැමිණිලිි හා මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ ඒකකය“ වෙත   පළාත් සභා මන්ත්‍රිවරයා පැමිණිලි කොට ඇත. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකිරිම සඳහා අදාල මැතිවරණ බල ප්‍රදේශයේ ( වත්තෙතේගම) පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමට අදාල ඒකකය කටයුතු කර තිබේ.


මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී වත්තගේම පොලිස් ස්ථානධිපතිවරයා පැවසුවේ  මේ වන විට දෙපාර්ශවය  සමතයකට පත්ව ඇති බවත්,  වත්තෙගෙම පොලිසිය වෙත කිසිවක් පැමිණිලි කීරිමට කටයුතු කර නැති බවත්ය.

ලින්ටන් විජේසිංහ කියන කතාව

එහෙත් සිද්ධිය පිළිබඳ ඊට මුහුණ දුන් ලින්ටන් විජේසිංහ ශ්‍රී.ල.නි.ප පළාත් සභා මන්ත්‍රීවරයා කියන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවකි. ඔහු ඒ සම්බන්ධව ලංකාසර ට මෙසේ විස්තර කළේය.

“මම උදේ ඡන්ද මධ්‍යස්ථානය අසල තරුණයින් විස්සක් පමණ සමග හිටියා. ඉද්දි කෙහෙලිය ඇමතිතුමා වාහන 15 ක් විතර සමග ඡන්ද මධ්‍යස්ථාන බලන්න යනවා. මාව පහුකරලා ගිහින් ආපස්සට ඇවිත් නතර කරලා සේරමලාම බැස්සා. මගේ ලඟ හිටපු කොල්ලෝ දෙන්නකුට ගැහුවා ඒ ළමයි දෙන්නට රස්සාවල් දුන්නේ කෙහෙලිය  ඇමතිතුමා.“

“ මං රස්සාවල් දුන්නාට මට වැඩ කරේ නෑ කියලත් කිව්වා. “

කෙහෙලිය ඇමති ඇවිත් මගේ වාහනේ දොර ඇරලා මට කතා කලා. අපට වැඩ කලේ නෑ නේද කියලා අහද්දි එයා ළඟ ඉන්න උදව් කාරයෙක් මගේ ඔලුවට පිස්තෝලය තිබ්බා . කෙහෙලිය ඇමති එපා එපා කියලා කෑ ගැහුවා.

කට්ටිය එහෙන් මෙහෙන් බැන ගත්තා.

මං මැතිවරණ පැමිණිලි  ඒකකයට පැමිණිලි කරලා වත්තෙතේගම පොලිසියට ගියා .පොලිසියේ පැය එකහමාරක් පමණ සිටියා.  පැමිණිල්ල ලියාගත්තේ නැහැ. පොහොට්ටුවෙම ප්‍රභලයන් මට කියනවා මේ සම්බන්ධව දිගටම පෙනී ඉන්න කියලා…“ ලින්ටන් විජේසිංහ ඒසේ කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේක විශාල රණ්ඩුවක් වෙන්න ගිහින් නතර වූ සිද්ධියක්. මම ඉස්සර එතුමාට වැඩ කලේ. නමුත් මෙදා පාර මං වැඩ කලේ මහින්දානන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න සහ සරත් ඒකනායක යන මහත්වරුන්ට .  ඒ වෛරයයි මේ එලියට පැන්නේ“

Exit mobile version