කෙසෙල්වතේ පවාස් ඝාතනය කරයි !

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් සේ හඳුනාගෙන සිටි කෙසෙල්වත්තේ පවාස්   ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වු පුද්ගලයා වයස අවුරුදු තිස් දෙකකි.

ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව ඇප මත සිටින්නෙක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


කෙසෙල්වත්ත පරණ යොන් වීදිය ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ සිද්ධියට සම්බන්ද සැකකරුවන් සොයි මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.

Exit mobile version