කෙත කමත ගැන දරු පැටවුන්ට කියන්න හැදූ අපූරු වැඩසටහන…

ලලිත් චාමින්ද –

කුඹුර, කමත හා ඒ ආශ්‍රිතව බිහිවු ගොවිසංස්කෘතිය පිළිබද පාසල්  දරු දැරියන් දැනුවත් කිරිමේ  වැඩසටහනක් ගාල්ල බෝගහගොඩ, දඩුවන වෙල්යායේ දි පසුගියදා පැවැත්විණි.

පරිසරික, ආර්ථික හා සමාජිය වශයෙන්  කුඹුරේ ඇති වැදගත්කම එය රැක ගැනිම  පිළිබද පාසල් දරු දැරියන් දැනුවත් කිරිමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි. ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්  ජේ.ඩබ්ලිව්.එස් ප්‍රියන්ජන්ගේ සංකල්පයකට අනුව  මෙම වැඩසටහන ක්‍රියාත්මකවන අතර එහි සමාරම්භක වැඩ සටහන දඬුවන වෙල්යායේ දි ඉතා විචිත්‍රවත් අයුරින් සිදුකරනු ලැබිය. 

දරු පැටවු කෙළිදළෙන්….

කුඹුරේ කමතේ  ඇළේ දොළේ ඇවිදමින් නිදහසේ  එහි අසිරිය විඳ දරාගැනීමට  මෙහිදී දරුවන්ට අවස්ථාව  උදාකර දි තිබුණි. ගොයම් කවි,නෙළුම් කවි,පැල්කවි වලින්  මෙකි සමාරම්භක උත්සවය හැඩවැඩ වි තිබුණි   කමතේ ඉදිකරනු ලැබු පැළක් මත සිට පැල් කවි ගායනා කිරිමද මෙහිදි සිදුවු අතර ඉන්පසු කමතේ  කෙත, කමත, රස රහස හා දරුවන්ගේ හෙට දවස පිළිබද  විශේෂ  සාකච්ඡා මණ්ඩපයක් ද පැවැත්විණි.


මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස් ප්‍රියන්ජන්   අදහස් දක්වමින් මෙසේ කිවේය.

“දරුවන් තමයි  රටේ අනාගතපරපුර. ඇත්තටම දරුවන් ඉලක්කකරගෙන තමයි අපි මේ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරිමට  සැලසුම් කොට තියෙන්නේ.කුඹුරේ ඇති වටිනාකම ,  පාරිසාරික වශයෙන් එහි ඇති  වැදගත් කම හා  අපේ ගොවි සංස්කෘතියේ පාරම්පාරික චාරිත්‍ර වාරිත්‍ර පිළිබද තමයි  දරුවන් දැනුවත් කිරිමට කටයුතු කරන්නේ. කුඹුර රැක ගත යුත්තේ ඇයිද යන්න පිළිබද  දරුවන්ගේ මනසට මේ පණිවුඩය  ලබාදිම තුළින්  එය  සමාජගත කරන්න පුළුවන්. 

ගොවිජන-සංවර්ධන-කොමසාරිස්-ඇතුළු-පිරිස

කුඹුර පිළිබද පුළුල් විග්‍රහයක් තියෙනවා. මෙය ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි. පාරිසරික හා සමාජිය වශයෙන් ඉතා වැදගත් පිංබිමක්. මෙය තෙත් බිමක්, ගංවතුර පාලනයට , භුගත ජල සම්පත ආරක්ෂා කිරිමට .ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත්. මෙකි පරිසර පද්ධතිය තුළ   ආවේනික මසුන්, ශාක හා සත්ව ප්‍රජාව ජිවත් වෙනවා. කුඹුරු විනාශ වුවහොත්  පාරිසරික වශයෙන් ගැටලු රැසක් ඇති වෙනවා. කුඹුරු ගොඩවිම් වලක්වන්න නීතිමය වශයෙන් වැඩකටයුතු සිදුවෙනවා.  කුඹුරු ආරක්ෂා කිරිමේ වැදගත්කම දරුවන් හරහා සමාජගත කිරීම  අපේ අරමුණයි.“   ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡා මණ්ඩපය සඳහා  සංහිද සංවිධානයේ සභාපති නිතිඥ තුෂාර ද සිල්වා, කලාශුරි කලභුෂණ කොට්ටව සිරිසේන, ගොවිජන සංවර්ධන  නිලධාරි අධිශ්‍රේණි ටි.පි.ජි සුසන්තා, පරිපාලන නිලධාරි එන් පි උස්ගොඩආරච්චි, අහංගම රෝහණ විද්‍යාලයේ  සංගිත ආචාර්ය  ඩබ්ලිව් ජි.සංජිව නිලන්ක,   එක්ව සිටියහ.

Exit mobile version