කුෂිනගර් ගුවන්තොටුපලට ගිය මංගල අන්තර්ජාතික ගුවන් ගමන…

කීර්ති ප්‍රනාන්දු –

ඉන්දීය රජය මගින ඉදිකරන ලද කුෂි නගර් ගුවන්තොටුපල විවෘත  කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ    UL 1147 දරන ගුවන් යානය අද අලුයම 5.20ට කුෂිනගර් ගුවන්තොටුපලට පිටත් වුනේය.

සර්වඥ ධාතූන්වහන්සේ වඩමවාගෙන යන අනු නායක හිමිවරුන්ගෙන් සමන්විත  භික්ෂූන්වහන්සේ 95ක් කණ්ඩායමක් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු රාජ්‍ය ඇමතිවරුන්වන සිසිර ජයකොඩි සහ ඩී.වී.චානක ගෙන් සමන්විත දේශපාලන නියෝජිතයන් කණ්ඩායමක් මේ අවස්ථාවට එක් වී සිටියහ.kushi-nagarගුවන්ගමනේ සම්පූර්ණ සාමාජිකත්වය 111කි.

බෞද්ධ සිද්ධස්ථාන මුල් කරගත් බෞද්ධ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා  කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල පිහිටවූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඒ සඳහා ඉන්දීය රජය දැරූ වියදම ඉන්දීය රුපියල් කෝටි 260 යි.   මෙම ගුවන් තොටුපල උත්තර් ප්‍රදේශ් සහ බිහාර් යන දිස්ත්‍රික්ක වල ආර්ථිකය නැන්වීමට වැදගත් වනු ඇති  බව ඔවුහු විශ්වාස කරති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුෂිනගර් ගුවන් තොටුපල ඉන්දියාවේ 29වන ජාත්‍යාන්තර ගුවන් තොටුපලය.

 

 

Exit mobile version