කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් ගම් දෙකක් අද උදෑසන සිට හුදෙකලා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි. ඒ අනුව කුඹුක්ගැටේ නිලාවිය ග්‍රාමසේවා වසමත් වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාමසේවා වසමත් මේ අනුව හුදකලා කිරීමට පියවර ගත් බව හමුදාපතිවරයා අද උදෑසන පැවසීය.
මේ තත්ත්වයට හේතුවී ඇත්තේ එම ග්‍රාම සේවා වසම් දෙක තුළ වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමය. දැනට යළි කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවක් කොළඹ , කුරුණෑගල ඇතුළු දිස්ක්‍රික්ක ගණනාවකින් වාර්තා වන තත්ත්වයක් තුළ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ද යුධ හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.