කුරුක්කල්වරයා ඝාතනයට කාන්තාවන් 2ක් සැකපිට අත් අඩංගුවට…

කෝවිලට අයත් නිවසක දී යකඩ පොල්ලකින් පහර දීලා මරලා... සැකකරුවන් 05ක් පොලිස් කූඩුවේ

දිනසේන රතුගමගේ –

යාපනයේ පුංගුඩුතීව් ශිවම්  කෝවිලේ කුරුක්කල්වරයාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කළ බවට සැක පිට කයිට්ස් පොලීසිය විසින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් පස්  දෙනෙකු අද (4) අත් අඩංගුවට ගෙන තිබේ.

රාසයියා රාජරූප ෂර්මා නැමති මෙම කුරුක්කල්වරයා කෝවිලට අයත් නිවසක පදිංචිව සිටියදී ඊයේ (3)  රාත්‍රීයේ ඝාතනයට ලක්ව ඇති අතර කෝවිලේ අවශ්‍යතාවයක් සඳහා කුරුක්කල්වරයාගෙන්  රුපියල් 15000 ක් කාන්තාවන් දෙදෙනෙකු විසින් ලබා ගැනීමෙන් පසුව ඔහුව ඝාතනයට ලක්ව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කයිට්ස් පොලීසිය  සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.


Exit mobile version