කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියෙක් අකුණු සැර වැදී මරුට…

මනම්පිටිය නිමල් ජයරත්න  

අරලගංවිල 503 කලාපයේ වෙල්යයේ කුඹුරු වැඩ කරමින් සිටි ගොවියෙක්     අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබේ. ඊයේ (01) සවස මෙම අකුණු ප්‍රහාරයට ගොවි මහතා ලක් වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල අංක 25 රත්මල්තැන්න ලිපිනයේ පදිංචිව සිටි 60 වියති තිදරු පියකු වන ජී. ඩබ්ලිව්. ලාල් ප්‍රේමතිලක යන අය බව පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

ඔහු ඊයේ  කුඹුරට ගොස් රාත්‍රී වෙන වෙනවිටත් නැවත නිවසට නොපැමිණි නිසා පුතු ඔහු සොයා කුඹුරට ගොස් ඇති අතර එවිට කුඹුරේ පියා වැටී සිටි ඇති බවට පොලිසියට දන්වා ඇත.

අනතුරුව ඔහුගේ සිරුර අරලගංවිල රෝහලට ගෙන යෑමෙන්  පසු   වෛද්‍යවරුන් විසින් සඳහන් කර ඇත්තේ මරණය අකුණු සැර වැදීමෙන් සිදුවී  ඇති බව‍ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අනතුර පිළිබඳ අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල  ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version