කුඩු සළිඳුගේ ජීවිතය අවදානම් ! මව අභියාචනාධිකරණයේ පිහිට පතයි

salindu

මැඩගස්කරයේදී පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු වන කුඩු සළිඳු හෙවත් සලිඳු මල්ෂික ගුණරත්න පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ ජීවිතයට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වළකන නියෝගයක් නිකුත් කරන ලෙස  මෙන් ඔහුගේ මව විසින් ඊයේ (14) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නඳුන් චින්තක හෙවත් හරක් කටා මැඩගස්කරයේ සිට වෙනත් රටකට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී එරට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු අට දෙනා අතර  සලිඳු මල්ෂිකා ගුණරත්න හෙවත් කුඩු සලිඳු ද විය.

ඔහුගේ මව වන පෙත්සම්කාරිය පවසන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා මේ වන විට පිටුවහල් කරමින් සිටින බව හෝ මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, දැනට ශ්‍රී ලංකා පොලිසියේ  භාරයේ තබා ඇති  බවත්ය.

තමා දන්නා තරමින් තම පුත්‍රයා අධිකරණ කිහිපයක අපරාධ නඩු හයකට අදාළව සැකකරුවෙකු ලෙස හෝ අධිචෝදනා ලබා ඇති බවත් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන්ගේ  මරණ සිදුවීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවය.   ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි ආසන්න අනතුර සම්බන්ධයෙන් එම පුද්ගලයින්ගේ පවුලේ අය සහ නීතිඥයින් විසින් නිශ්චිත අනතුරු ඇඟවීම් නොතකා ස්ථානගත කිරීම සිදුවන බවත් ඇය මෙම පෙත්සමින් පෙන්වා දී ඇත.


එහිදී ඇය තවදුරටත් සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ මාකඳුරේ මධුෂ් ඝාතනය කිරීමට පෙර ඔහුගේ බිරිඳ  ඒ බව මානව හිමිකම් කොමිසමට ලිඛිතව දන්වා ඇති බව තමන් දන්න්නේ යැයි පෙත්සම්කාරිය පවසයි.

මෙවැනි පසුබිමක් මත තම පුත්‍රයාටද මරණය සිදුවිය හැකි බැවින් ඔහුගේ ජීවිතාරක්ෂාව සලසන ලෙසට නියෝගයක් නිකත් කරන ලෙසත්  ඇය අධිකරණයෙන් ඉලලීමක් කර ඇත. එම නිසා තම පුතාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට  වහා මැදිහත් වන ලෙස ඉල්ලා ඇය දිවුරුම් ප්‍රකාශයක් සමඟ 2023 මාර්තු 13 වැනි දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ බව පෙත්සම්කාරිය පවසයි.

හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු සැකකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා මේ වනවිට විශේෂ සිව් පුද්ගල පොලිස් කණ්ඩායමක් ගොස් ඇති අතර ඔවුන් අද දිනයෙදී බොහෝ දුරට ශ්‍රිලංකාවට ගෙන එනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සැකකරුවා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් බුද්ධි වාර්තා කිහිපයකම තොරතුරු සඳහන් වන අතර සළිඳු මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන්  ඔවුන් අතිශයින් කලබලයට පත්ව ඇති බවද ලංකාසර මීට පෙර වාර්තා කළේය.

 

Exit mobile version