කුඩු ජාවාරමේ මහමොළකාර නාකොටික් අයි.පී. සොයා වැලිවේරිය පීරයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මත්කුඩු ජාවාරමේ මහමොළකරු ලෙස සැලකෙන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක් දියත්කර තිබේ.

මෙම පොලිස් පරීක්ෂකවරයා සතුව හෙරොයින් කිලෝ 25 ක් ඇති බවට තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

පසුගියදා වත්තල මාබෝල ප්‍රෙද්ශයේදී ලොරියක ප්‍රවාහනය කරමින් තිබූ හාල්ගෝනි අස්සේ තිබී සොයාගත් මත්කුඩු කිලෝ 226 අත්අඩංගුවට ගැනීමේ ඔත්තුකරු ලෙසද ක්‍රියාකර ඇත්තේ එම පොලිස් පරීක්ෂකවරයා බව සදහන්ය.


එම නිලධාරියා කළ පළමු මත්කුඩු වැටලීම එය වන බවත් ඔහු වසර 10 ක පමණ කාලයක සිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිටින බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම පොලිස් පරීක්ෂකවරයා වැලිවේරියේ පදිංචිකරුවකු බවත් ඔහු පදිංචි ස්ථානවලින්ද මේ වන විට අතුරුදන්ව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට සම්බන්ධ මත්කුඩු ඡාවාරමේ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැති වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

Exit mobile version