කුඩා සාමනේර නමට වසර 3ක් තිස්සේ හදිකළ විහාරාධිපති චීවර ධාරියා සහ තවත් චීවරධාරීන් 02ක් පන්සලෙන් පලා යයි!

ලිංගික අතවර ඉවසා ගත නොහැකි වූ සාමනේර හිමිනම මව සමග පොලිසියට ගිහින් පැමිණිලි කරලා....

robe

සුමිත් පොතුපිටිය –

බාලවයස්කාර  සාමනේර හිමි නමකට ලිංගික අතවර කල විහාරාධිපති  චීවරධාරියෙක්  ඇතුළු චීවරධාරීන් තිදෙනෙක් විහාරස්ථානයෙන් පලාගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.

මෙම විහාරාධිපති චීවරධාරියා සහ අනෙක් චීවරධාරීන් දෙදෙනා මෙම  බාලවයස්කාර සාමානේර හිමි නමකට වසර තුනක් මුළුල්ලේ බරපතළ ලිංගික අතවර කර ඇති බව  හෙළි වී ඇතැයි විමර්ශන  අංශ විසින් හෙළි කරයි.

පයාගල ගොරකදෙණිය විහාරස්ථානයක වැඩවසන සමනේර හිමි නමක් සහ උන් වහන්සේගේ මව විසින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි .

සාමනේර හිමි නමට 2021 වර්ෂයේ සිට විහාරාධිපති චිවරධාරියා  සහ තවත් චිවරධාරින් දෙපළක්    සිය කාමර වලදී වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකළ බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.


අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයක් පැවසීය .

පොලිසිය විහාරස්ථානයට ගොස් පරීක්ෂණ සිදුකර ඇති අතර විහාරාධිපති චීවරධාරියා  සහ චෝදනා එල්ලවී ඇති චීවරධාරීන් දෙදෙනා  පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා  ගේ ප්‍රධානත්වයෙන් පොලිිසය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version